(සුජිත් හේවාජුලිගේ)
තමාගේ මේ මස දීමනාවෙන් අඩක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව වනජීවී රාජ් ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය.
එම මුදල කොවිඩ් අරමුදලට අද හෙටම බැර කරන බවද හෙතෙම සඳහන් කළේය.
තමාටම කියා නිවෙසක් ඉඩමක් හෝ වෙන කිසිම දේපලක් හෝ නොමැති තමා මෙම පරිත්‍යාගය කිරීමට සිතුවේ කොවිඩ් වසංගත තත්වය හමුවේ රජය මුහුණදී සිටින දුෂ්කරතාව සැලකිල්ලට ගෙන යැයි පැවසූ දිසානායක මහතා දරුණු වසංගතයක් පවතින මොහොතක වැටුප් ඉල්ලා හඩ නගන අයට කිසියම් පණිවුඩයක් ලබා දීමටද තමා මෙමගින් බලාපොරොත්තු වන බව පැවසුවේය.
රට මුහුණ දී ඇති මෙම වසංගත තත්වය හමුවේ සියලු දෙනා තමන්ට හැකි ආකාරයට දායක වීම වැදගත් බවද රට වසන්නැයි හඬ නගන කිසිවකු හෝ මේ අවස්ථාවේදී රටේ දියුණුවට කිසියම් හෝ කැපකිරීමක් කිරිමට ඉදිරිපත් නොවීම කනගාටුදායක බවද විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
තමා කිසියම් අසනීප තත්වයකින් පෙළෙන පුද්ගලයකු බවත් තමා සන්තකයේ තිබූ එකම වාහනයද ඒ අසනීප තත්වය සුව කර ගැනීම සඳහා පසුගියදා විකුණා දැමු බවත් ඔහු කීවේය.
කොවිඩ් වසංගත තත්වය හමුවේ රට දැඩි පීඩනයක සිටින හෙයින් මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සියලු දෙනා පක්ෂ පාට කණ්ණාඩි පසෙක දමා එකාවන්ව ඒකරාශී විය යුතු බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මාසේ වැටුපෙන් අඩක්...? මෙයාගේ අවුරුද්දක මුළු වැටුපම කපා ගතයුතුයි. සත්තු වත්තට කොරෝනා අරගෙන ගිහින් අහිංසක සත්තුන්ට බෝ කළාට. සත්තුවත්තේ තමන් වෙනුවෙන් හදපු කූඩුවෙන් පැනගියාට දඩ වශයෙන් තව අවුරුද්දක වැටුප කපාගත යුතුයි. අවුරුද්දක වැටුප නැතිවුණා කියලා මෙයාලට ගාණක් වත් නැහැ. කොමිස්, අල්ලස් අරවා මේවා "ජරාව" කෝටි ගණන් ලැබෙනවා. කැලෑ පාලුවන්ගෙන් ලැබෙන ජරාවම ඇති මැරෙන කම් (ගුටි කාලා මැරුණේ නැතිනම්) ජීවත්වෙන්න...
මෙය ප්රගතිශීලී පියවරක් විය යුතුය. ඇමතිතුමනි අපි ඔබට ආචාර කරමු. ඔයාට බොහෝම ස්තූතියි.
ඕක මුලු ලෝකෙටම කියන්නේ නැතිව දුන්නා නම් අගේ වැඩියි. පුලුවන් නම් තමුන්ගේ ටැක්ස් නැතිව ගත්තු කෝටි ගණනක් වටිනා වාහනේ විකුණලා දුප්පත් මිනිසුන්ට උදව් කරන්න...
අහන්නෙ සතුටින් . ඔබට නිරෝගී සුව ලැබේවා .
රාජ්‍ය සේවයම ගෙදර, සියල්ලන්ගේ පඩිය අඩක් කරන්න. නැතිනම් රට වහන්න කියන ජවිපෙන් කැට අරමුදලෙන් පඩි ගෙවන්න. මේ රට මෙහෙමත් දුවන්නේ වැඩ කරන ආරක්ෂක අංශ, රෝහල්, ග්‍රාමසේවක ඇතුළු සුළු රාජ්‍ය සේවක ප්‍රමාණයකින් සහ පුද්ගලික අංශයේ අති බහුතරයක් නිසා. ගාමන්ට් කෙල්ලෝ ටික නැතිනම් ඩොලරුත් නැහැ... අනුර කුමාරට නම් ඉතින් කොහෙන් හරි ලැබෙනවා.
දැන්වත් මතක් වූ එක හොඳයි.. අනිත් අය තව නිදි...
අගය කල යුතු ක්‍රියාවක්. ඒත් ඔබ තුමාගෙ පක්ෂයේ නායකයන්ගේ වැඩ බැලුවම හරියට ලිඳකට ලුනු දාල රහ බලනව වගේ වැඩක්. ඒ නායකයො කරපුව නිසා කොරෝන නැතත් අපිට වෙන්න ඕන හරිය වෙලා.
ඔය අරමුදලේ සල්ලිවලින් කරන වැඩ ගැනත් ජනතාව දැනුවත් කලොත් තමා හොඳ. මොකද සමහරුන්ට අර සුනාමි අරමුද,හෙල්පින් හම්බන්තොට වගේ දේවල් තවම මතක තියෙන නිසා එහෙම කියන්නේ. මේ මහත්තයානම් පඩියෙන් බාගයක් නෙවේ මුළු පඩියම හරි දෙන්න තිබ්බේ වල් අලි උවදුර නැතිකරන්න සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි. ඒ උනාට ඒවගේ දේවල් පත්තරේ වැටෙන්නේ නැති නිසා මොන ඉලව්වකටද කියල තිතුවද දන්නෙත් නැහැ.
ඔබ තුමාගේ ක්‍රියාව අගය කරමි. රට මෙම තත්වයට පත් කලෙ පහුගිය දිනවල මහ පාරේ පෙලපාලි ගියවුන් ය. ඒ ගැන කවුරුත් කතා නොකරයි. රට වසන්න කියා කෑ ගසන කිසිවෙකු හට එදා වෙල සොයන් කන මනුස්සයා ගැනවත් රටෙ ආර්ථිකය ගෙනියන්නේ කෙසේද වත් නොතෙරෙයි. අප රට දියුණු නොවන්නේද එබැවිනි. දේශපාලකයින් සැදීමට පෙර ජනතාව සෑදී සිටිය යුතුය.
වැරදිලා මන්ත්‍රී කෙනෙක් වුන කෙනෙක් වගේ පෙන්නේ.?
නොමිලේ අලෙවිකරණය
ඔබතුමා දුන් ආදර්ශය ඉමහත්... ඒ ආදර්ශය ලංකා ඉතිහාසයේ රන් අකුරෙන්ම සඳහන් වේවා..!! පව්කාරයන්ගේ දෑස් විවර වේවා..!!! ඔබතුමා නිරෝගී වේවා..!! නිදුක් වේවා..!! සුවපත් වේවා..!!
ඔබතුමා හොඳ ගති පැවතුම් වලින් පිරිණු ඉතා සංවේදී මිනිසෙකු බව රටේ හුඟදෙනෙක් දන්නවා.