(අජන්ත කුමාර අගලකඩ)
වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිය ඇමති දීමනාව කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර ඇත.
සිය ඇමති දීමනාව කෝවිඩ් අරමුදලට දිගටම කපාගන්නැයිද ඇමති ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇත .
ඇමති ගුණවර්ධන මහතාගේ මෙම ක්‍රියාව ඇමතිවරයෙකු ලෙස කළ ආදර්ශවත් ක්‍රියාවක් බව ජනාධිපතිවරයා ඔහුට ලිපියකින් දන්වා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලෝ ඕවා විහිලු, හිනායනවා ඕවා දාන්න ඕනේ දේවල්ද? තමුන්ගේ ඔය ගෙදර තියෙන සැප වාහන එකක් දෙකක් ඉස්පිරිතාලෙකට දෙන්න.. අන්න වැඩ. එහෙම නැතිව මිනිසුන් අන්දන්න තුට්ටු දෙකේ මෝඩ වැඩකරන්න එපා...
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලනේ කියන්නේ... මේ විදියට කොවිඩ් අරමුදල ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍යයි. හැබැයි මේ වෙලාවේ රැකියාව නැති ජනතාවගේ බඩගිනි නිවනවා වෙනුවට විනාඩි පහළවෙන් පහළවට රජයට හිතවත් පෞද්ගලික නාලිකාවක විකාශය වන කොවිඩ් සඳහා සටන් කරන බලකායේ කැපවීම දැක්වෙන වෙළඳ දැන්වීම සහිත ගීතයටත් ගෙවන්නේ මේ අරමුදලින් නේද? මේ ශ්‍රම බලකායට සැමදා ජනතා ගෞරවය හිමිවන නමුත් මේ සා ධනස්කන්ධයක් මිනිසුන් අපහසුවෙන් මිරිකී මියැදෙන යුගයක වැය කළ යුතුද?
සත 05ක වැඩක් නැති මනුස්සයෙක්...!!!
ස්ක්‍රිප්ට් එක කාගේද?. මොළ 7 බැසිල්ගේද?
එයාට අපි පරිත්‍යාග කළ පැජරෝ, ගෙවල් කුලී, දුරකථන දීමනා, සහාය සේවක දීමනා, ආරක්ෂක සේවක දීමනා, පෙට්‍රල් දීමනා, අඩු මුදලට පාර්ලිමේන්තුවේ භෝජන, ගෙදරට සහාය සේවක දීමනා එහෙමත් මතක් වෙනවා.
මේකට මුල් වුනේ ජනජීවි ඇමතිතුමා.
ඕවා මොනවද...? දිරපු හාල්මැස්සෝ ආනයනය කරලා ගත්ත කොමිස් එකෙන් මේ හාදයාට මැරෙනකම් හොඳට ජොලි කරලා ජීවත් වෙන්න පුළුවන්. කරවල, හාල් මැස්සෝ කිව්වොත් මිනිහා එතන. මිනිහා කොතනද එතන කරවල ගඳයි...
බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන්ට මොනවා කරන්න බැරිද? සියලුම වරප්‍රසාද පිනට ලැබෙනවා. දේශපාලනයෙන් හොරාකාපු එවුන්ට වඩා නිහඬ සේවයක් කරන පරිත්‍යාගශීලී දානපතියන් අපේ රටේ නැතුවා නෙවෙයි.
ඔයාලගේ පඩිය දෙන්න ඕනෑ නෑ... දූෂණ, වංචා කරන්න එපා. දූෂණ, වංචා කරපු අයට හරියට දඬුවම් දෙන්න. ඒ මුදල් ආපසු ජනතාවට ලබාදෙන්න. කෝ මහබැංකු හොරු අල්ලලා මුදල් ගත්තද? ඡන්දෙ කාලෙට විතරක් හොරුන්ගේ ලැයිස්තු ඉදිරිපත් කරලා ජනතාව අන්දන්න එපා..