
(ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)
හෝමාගම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ අනුදැනුමකින් තොරව හෝමාගම ප්‍රදේශයේ රැස්වීමක් සංවිධානය කළ බව කියන හෝමාගම බල මණ්ඩලය හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාට විරුද්ධව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් හෝමාගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව හෝමාගම බල මණ්ඩල රැස්වීමක් කැදවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට අපහාස වන අන්දමින් එම රැස්වීමේදී කතාවක් කළ බවට පැමිණිල්ලේ සදහන් වේ.
විනය කඩකර කරමින් නීති විරෝධීව බලමණ්ඩල රැස්වීමක් පැවැත්වීම සහ අමාත්‍යවරයාට අපහාස කිරීම යන චෝදනා යටතේ අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව හෝමාගම පොලිසිය පවසයි.
එම රැස්වීමට පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා ද සහභාගි වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
පොලිසියේ උසස් නිලධාරියෙක් පවසා සිටියේ එම පැමිණිල්ල සිවිල් නඩුවක් යටතට ගැනෙන බවය.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගෙන් මේ පිළිබදව විමසූ විට ඔහු පැවසුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජනක වැලිවත්ත මහතාගේ ආරාධනය පරිදි ඔහුගේ නිවසට පැමිණි බවත් ඒ අනුව එහි තේ පැන් සංග්‍රහයකටද සහභාගීවීමෙන් පසුව පාක්ෂිකයින් රැසක් තමා හමුවීමට පැමිණි බවත්ය.
COMMENTS
අලුත් නාට්‍යයක් පටන් අරන්
මල කෝලම්
අනේ අම්මේ...!
මොන්ටිසෝරි ළමයි වගේ...!
නෙදකින් බන්දුල
මේවා ඔක්කොම සැලසුම් කරලා කරන නාට්‍ය . පොහොට්ටුව රනිල්ට ලං වුනාට මිනිස්සු කැමති නැහැ. ඒක නිසා රනිල්ට චන්දෙ දෙන්න හිටපු අයත් දැන් රනිල්ට චන්දෙ දෙන්නේ නැහැ.ඒකෙන් ගැලවෙන්න දැන් බොරුවට රගපානව පොහොට්ටුවත් එක්ක රනිල් ලග ඉන්න අය තරහයි කියලා පෙන්වනවා
ඇත්තටම මුන්ට පිස්සුද එක්කෝ අපිට පිස්සුද ?බන්දුලයා රනිල් ලග නිදාගන්න කරුණු හොය හොයා හිටියේ. ඇතටම මේකාට ආචාරිය උපාදිය දුන්නේ මොකාද ? හෝමාගම ඔයාගේ අම්මගේද ? මේ සැරේ කොළඹ ජනතාව හොදට සලකාවි චන්දෙදි
ඔය කණ්ඩායමේ කාටද විනයක් තියෙන්නේ?
බන්දුල ඉගෙනගත්තු කෙනෙක්ද කියන එකත් ප්‍රස්නකාරියි. ඒ තරම් ගොන් කතා කියන ගොන්වැඩ කරන්නේ... අනේ මන්දා මෙහෙම මිනිස්සුද පාර්ලිමේන්තු යන්නේ?
දැන් මතක් වෙනවා බන්දුලත් 2002දී චන්ද්‍රිකාව දාලා රනිල් ළඟට ගිහින් , ඊට පස්සේ කාලෙක ආපහු මහින්ද ගාවට ආවේ කියලා. දැන් ආපහු රනිල් ළඟට ගිහින්. උපකාරක පන්ති ගුරුවරයෙක් වෙලත් එයාටත් විනයක් තිබිලා නෑ. ඉතින් අනික් අය ගැන විනය හොයලා වැඩක් තියේද?
උසි... උසී...
මේ ඔක්කොටෝම මේ පාර හොඳ පාඩමක් උගන්නන්න ඕනෑ. තට්ටු මාරු ක්‍රමයට රටට වුණු කෙහෙල්මලක් නැහැ. මොවුන් තර වෙන එක විතරයි වෙන්නේ.
නියමයි. ගෙදර කට්ටියම කොකු දාගන්න එක හොඳයි. අවුරුදු 76ක් එකතු වෙලා අඩු වැඩි නැතිව හොරාකාපු කට්ටියගේ පැටි කිරිය.., හොරාකාපු හැටිත් එළියට එයි. ඔහොම යං... ඔහොම යං...
නිතරම වාසි පැත්තට පනින බන්දුල මේ සැරේනම් ඇනගන්නවා. පොදුජන පෙරමුණ දෙකඩවී ඇති බැවින් දෙපැත්තෙ අය ගහගන්නවා. රට හදන්න කලින් පක්ෂයේ රණ්ඩු බේරා ගන්න.මේවා ඇහෙනකොට ජනතාවට දැනෙන්නෙ ලපටි ලමයින්ගෙ වැඩ වගෙයි.
ඔහොම ඉන්න තව පොය2 කින් ඔබලාට උන් හිටි තැනක් නැති වෙන්න මිනිස්සු යන්න සලසා දෙයි .