
(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව බලයට පත්වී මාස හතකට ආසන්න කාලයක් ගතවී ඇතත් කොළඹ ඇමැති බංගලා සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.
මේ අතර මෙම ඇමැති බංගලා බොහොමයක් කැලෑ වැදී විනාශ වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා ගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඇමති බංගලා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවයි.
ඇමැති බංගලා කුලියට ගැනීමට විවිධ ආයතන සහ පුද්ගලයන් රැසක් දැනටමත් ඉදිරිපත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
තානාපති කාර්යාල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විවිධ අමාත්‍යාංශ ඇමැති බංගලා කුලියට ගැනීමට ඉදිරිපත්ව සිටින ආයතන වේ.
කොළඹ පවතින ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.
මේ සෑම ඇමති බංගලාවක්ම ලොකු භූමි භාගයක පිහිටා ඇති හෙයින් මේවා නඩත්තු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සැප වාහන දන්සල වගේ ඇමති බංගලා දන්සල දෙන්න ගජමිතුරෝ ටික සෙට් වෙනකම් පොඩ්ඩක් පරක්කු කලා. තක්සේරුකාරයාව ෂේප් කරගන්නත් එපැයි.
ජනාධිපතිතුමන් ඉක්මන් විසඳුමක් දෙයි
කැලෑ වැදී විනාශ වෙනවා කියන කතාව පිළිගන්න බැහැ... මොකද ඕවා නඩත්තු කළේ හිටපු අය නොවෙයි රජයමයි. රජය ඒක දිගටම කළ යුතුයි... නමුත් ඕක උඩ දමදමා ඉන්නේ නැතිව කළයුතු දෙය කරන්න විපක්ෂයට මාතෘකා නොදී...
අලුතින් ආපු සෙට් එකට දෙන්න. වතුර, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් තමන් විසින්ම දැරිය යුතුයි කියලා දෙන්න. පාර්ලිමේන්තු කාල සීමාවට යටත් කරලා දෙන්න.
මොවුන්ට මේකවත් කරගන්න බෑ. කොහොමද රටක් පාලනය කරන්නේ...? කයිය විතරයි.