IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඇමති ප්‍රසන්නගෙන් රාජ්‍ය නිලධාරීන්ට දොස්

(අංජුල මහික වීරරත්න)

ජනතාව ඉල්ලන" සිස්ටම්" වෙනසට දේශපාලඥයින් එකඟ වුවද ඇතැම් රාජ්‍ය නිලධාරීන් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සදහා කටයුතු කරන බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රාජ්‍ය යාන්ත්‍රණය රටට වාසිදායක ලෙස පවත්වා ගෙන යාමේ වගකීම ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසි ලෙස ඉටු නොකරන බව ද අමාත්‍යවරයා කීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහන වසර 5ක් යනතුරු ආරම්භ නොකිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී කණගාටුව පළ කළේය.

පසුගිය සමයේ ජනතාව පාරට බැස්සේ සැබවින්ම ඔවුන් පීඩාවට පත්වු නිසා බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණීමට නොහැකි පාර්ශව ගෙවල් ගිනි තබා, ගහලා මරලා, අසරණ මිනිසුන්ගේ කර මතින් බලය ලබා ගැනීමට උත්සහ කළ බවත්, අමාත්‍යවරයා සදහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිපුණතාවය සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සදහා ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. මෙම උත්සවය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, සව්සිරිපායේදී පැවැත්විණි.

 



අදහස් (6)

ඇමති ප්‍රසන්නගෙන් රාජ්‍ය නිලධාරීන්ට දොස්

sampath Friday, 11 November 2022 03:11 PM

ඉදිකිරීමෙන් පමණක් නොවේ. සියලුම ක්ෂේත්‍රවලට RPL ක්‍රමය යටතේ NVQ සහතික නිකුත් කළ හැකි මෙය නිලධාරීන් උනන්දු නොවෙන වග ඇත්තක්. ඒවා කරවාගන්න දැනුම ඇති පුද්ගලයින් ආයතනවලට පත්කිරීමයි කළ යුත්තේ...

:       0       10

Sunil Friday, 11 November 2022 03:29 PM

මේ ගොන් කතාවලට අදහස් දැක්වීමත් කාලය අපතේ හැරීමකි...

:       7       15

ravin Friday, 11 November 2022 04:13 PM

කප්පම් ගන්න අයගෙයි, කසිප්පු කාරයින්ගෙයි, කොමිස් කාරයින්ගෙයි, නූගත් අයගෙයි, මාලකඩන අයගෙයි, ස්ත්‍රීදූෂකයින්ගෙයි ඕනෑඑපාකම්වලට වැඩ කරන්න ගිහින් නිලධාරීන් කී දෙනෙක් අමාරුවේ වැටිලා ඉන්නවද කියලා ඔයගමන්ම කිව්වා නම් තමයි වඩාත්ම හොඳ...!

:       4       9

Rohitha Friday, 11 November 2022 05:56 PM

තාම ඉන්නේ අත්හිටවූ සිරදඬුවම් පිට නේද බබා?

:       3       8

Kumara Saturday, 12 November 2022 02:52 AM

කෑවා මදිද මන්දා.

:       0       0

Perera Saturday, 12 November 2022 09:26 AM

සිස්ටම් චේන්ජ් ගැන අවබෝධ කරගන්න මෙයාගේ පුංචි ඔලුවේ මොලයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site