
(මනෝ ප්‍රියසේකර)
ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කරන රිට් ආඥාව නිකුත් කරන ලෙස ඉල්ලා අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනුකොට ඇත.
මෙම පෙත්සම වග උත්තර කරුවන් වශයෙන් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ හා පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
අමාත්‍ය ආචාර්ය උපාලි පන්නලගේ මහතා පර්ලිමේන්තු මැතිවරණයට ‘‘තරග‘‘ කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් සේවය කරමින් සිටියදීය තවද ඒ මහතා තවදුරටත් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කරන බවද පෙත්සමේ සඳහන්ය.
පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යාවස්ථාපිත නීතියට අනුව පාර්ලිමේන්තු මැතිවරණය තරග කිරීමේදී සිය රාජකාරීවලින් ඉවත් විය යුතු වුවද එසේ කර නොමැති බව පෙත්සම්කරු සිය පෙත්සමෙ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකන් පුරවැසියෙක් වෙච්චි ගෝටා ජනාදිපතිකමට ඉල්ලුවෙත් පුරවැසිකම තියෙනකොට. ඒක අයින් කර උනේ කාලයක් ගියාට පස්සේ.?
මෙතෙක් කල් බලයේ සිටි අන්ත දුෂිත දේසපාලුවන් සහ ඔවුන්ගේ සහචරයන් හැකි සියලු උත්සාහයන් ගන්නවා මේ රජය පෙරලලා මෙතෙක් කලක් රට සුරගෙන කාපු කාලකන්නි යුගයට රට ආයෙත් ඇදගෙන යන්න.
උනුත් එකයි කිව්වා මුනුත් එකයි කිව්වා දැන් බැලුවම හැම එකාගෙම කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවානේ
එහෙම නීතියක් තියනවානම් ඒ මෝඩ නිතිය වෙනස් කරන්න , වෙනත් වෘත්තීයක් කරනවානම් එකෙන් මාසික චේතනයක් ලැබෙනවා. එතකොට ඇමැතිකම් අරන් කොමිස් ගහලා හොරකන් කරන්න ඕනේ නැහැ අනික පාර්ලිමේන්තු සැසිවාර හැමදාමත් නැහැනේ