(විනීතා එම් ගමගේ)
අහිංසක ජනතාව සියගණනක් මියගිය මිලේච්ඡ ප‍්‍රහාරය පිළිබඳව රජයේ අමාත්‍යවරු දැන සිට ඇති බව පෙනී යන බවත් එසේ තිබියදීත් ජනතාව දැනුවත් නොකිරීම බරපතල වරදක් බවත් සර්ව ආගමික සමුළුවේ සම සභාපතිවරු කියති.
සර්ව ආගමික සමුළුවේ සම සභාපතිවරුන් ලෙස ඉත්තැපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණ ශි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමිපාණන් වහන්සේ, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ කටයුතු කරති.
බොරැල්ල අගරදගුරු නිල නිවසේ අද (22) පැවැති මාධ්‍ය හමුවකදී ඉත්තැපාන ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමිපාණන් වහන්සේ සහ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ එසේ පැවසූහ.
මාධ්‍ය හමුව ඇමතූ මැල්කම් කාදිනල් රංජිත් පියතුමාණෝ මෙසේ ද පැවැසූහ.
“මේක වළක්වන්න පුළුවන් කියල දැනගත්තාම අපි ඔළුවේ අතගහ ගත්තා”
“ඇමතිගෙ තාත්තා කියනව පුතාට පල්ලියට යන්න එපා කියල. ඇමති පුතා පල්ලි යන්නේ නැහැ. ඒත් රටට කාරණාව රටට කියන්නේත් නැහැ..... ඇයි ඒ බව රටට නොකිව්වේ. රටටත් කිව්වා නම් මේ ජීවිත රැක ගන්න තිබුණා’’ යැයි ද කාදිනල්තුමා පැවැසූහ.
ජන ජීවිතවලට හානි සිදුකෙරෙන අන්දමේ මිලේච්ඡ ප‍්‍රහාර මෙන්ම ආගමික සමගිය බිඳදැමෙන අන්දමේ සිද්ධීන් රට තුළ සිදුවීම වැළැක්වීමට රජය වහා පියවර ගත යුතු යැයි ද වැරදිකරුවන් සොයා දඬුවම් දීම රජයේ වගකීම යැයි ද සර්වආගමික සමුළුවේ සම සභාපතිවරු කීහ. ඊයේ සිදුවුණ සිද්ධීන් පිළිබඳව සොයා බලා එවැනි සිදුවීම් යළි සිදුනොවීමට රජය වග බලා ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද උන්වහන්සේලා පැවසූහ.
සිද්ධීන් සම්බන්ධයෙන් කිසිවෙකුටත් අත නොතබන්නැයි තරයේ ඉල්ලා සිටින බව කී උන්වහන්සේලා සාමකාමීව අවමඟුල් පවත්වන්නැයි ශෝකයට පත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කීහ.
බුද්ධි අංශ දුර්වල වන්නට ඉඩ නොදෙන්නැයි රජයෙන් කරුණාවෙන් ඉල්ලා සිටින බවද එම අංශ තව දුරටත් ශක්තිමත් කළ යුතු බව ද සර්ව ආගමික සමුළු නායකයෝ තවදුරටත් ප‍්‍රකාශ කළහ.
බෞද්ධ හින්දු කතෝලික හා ඉස්ලාම් ආගමික නායකයන් ගේ සහභාගිත්වයෙන් පැවැති මෙම මාධ්‍ය හමුව ඇමතූ ඉත්තැපාන ධම්මාලංකාර නාහිමියෝ මෙසේ ද පැවැසූහ.
‘‘හදිසියේ නමුත් මේ සාකච්ඡාව ගත්තේ අපි හැමදෙනාටම වඩා කාදිනල් තුමා මොනතරම් කම්පාවට පත්වෙලා ඉන්නව කියන එක වැටහුණ නිසයි.”
”අම්ම තාත්ත නැතිවුණ අවුරුදු තුනක දරුවෙක් මව්පියන් සොයා අඬා අඬා ඇවිදින හැටි ඊයේ අපි දුටුවා. මේ වගේ මව්පියන්ට දරුවන් අහිමි කළ, දරුවන්ට මව්පියන් අහිමි කළ, සහෝදර සහෝදරියන් අහිමි කළ ප‍්‍රහාරයක් මෑත කාලෙක සිද්ධ වෙලා නැහැ”
බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික යන සියලූ ආගම් නියෝජනය කරන ආගමික නායකයන් මේ සමුළුවේ දී එකතුවෙලා ඉන්නවා. අපි කවදාවත් මේ ආගමික වශයෙන් මෙහෙම කොටස්වලට කැඩිලා ඉන්නේ නැහැ. අපි සියලූ දෙනාට එකසේ වේදනාකාරි සිද්ධියක් මේ සිද්ධ වුණේ. අපි කරුණාවෙන් ඉල්ලන්නේ සාමයෙන් ඉන්න කියලයි. විශේෂයෙන් අපි හැම දෙනාම සුහදතාවයෙන් ජීවත් විය යුතුයි.
ලෝකයට ආදර්ශයක් වන පරිදි අපි ජීවත් විය යුතුයි. ආගමික සමගිය වෙනුවෙන් අපි අවුරුදු විස්සක් තිස්සේ කටයුතු කරමින් ඉන්නවා’’ යැයි ද ඉත්තෑපාන නාහිමියෝ පැවැසූහ.
මෙම පුවත් පත් සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ මෙසේද පැවසූහ.
“හරියට අකුණක් ගහනව වගේ සිද්ධියක් වුණේ. අවුරුදු දහයකට කලින් මේ වගේ දේවල් වුණා. විවිධ ස්ථානවලට පහර දුන්නා. විවිධ ආගම්වල පූජනීය ස්ථානවලට පහර දුන්නා”
”තර්ජනයක් තියෙනවා කියල තිබුණා. මේක පිටුපස ඉන්නේ කවුද කියල අපි දන්නේ නැහැ. උඩින් පෙනුනට යට ඉන්න අය පෙනෙන්නේ නැහැ. සමහර විට අයිස් කන්දක වගේ අපට පෙනෙන්නේ බොහොම ටිකක් වෙන්න ඇති. මේ කියැවෙන නම් පිටුපස වෙන කෙනෙක් ඉන්න පුළුවන්”
”මේ රටේ නීතිය ක‍්‍රියාත්මක විය යුතුයි. අපි එක එක්කෙනාට ඕන ඕන විදියට දඬුවම් දෙන්න බැහැ... අදාළ පුද්ගලයින්ට දඬුවම් දීම අදාල අංශවලින් කළ හැකියි.” යයිද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමෝ පැවසූහ.



(ඡායාරූප - චතුර එස්. කොඩිකාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නායකයා දැනගෙන රට පැන්නා...
අගරදගුරුතුමනි, ඕක නේද යහපාලනය කියන්නේ...? ඔබතුමන්ලා බලාපොරොත්තු වුනේ ඕක නෙමෙයිද? දන්නේ නැති නිසයි මම ඇහුවේ...
දවසේ කතාව....
සහතික ඇත්ත කතාව... හැබැයි ඔක්කොම දන්න රටේ නායකයා හොයාගන්නත් නෑ. බයේ හැන්ගිලා ඉන්නවා වගේ අපිට නම් පේන්නේ... මෙය දැනගෙන හිටපු අය ඉල්ලා අස්වෙන්න ඕනෑ.
අමාත්‍ය හරීන්ගෙනුයි, තාත්තාගෙනුයි වැඩිදුර ප්‍රශ්න කරන්න. ඉස්පිරිතාලයේ හිටපු කෙනා කොහොමද දන්නේ.. එයාට කවුද කිව්වේ..? ඒ අය කොහොමද දැන්ගත්තේ..? හොයන්න.
ලොකුකමට කියනවා. බේරුණු එකක් ගැන පුංචි හරි මොලයක් කියලා එකක් තිබුණා නම් අද අහිංසක මිනිසුන්ගේ ජීවිත බේරගන්න තිබුණා..
නීති අලුතෙන් හදලා හරි මේ කල අයගේ හැම එකටම දැඩි දඬුවම් දෙන්න. වහාම නැගෙනහිර ඉන්න අන්තවාදීන් අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන්න. වන විනාස කර කර පිටින් ගෙනල්ලා පදිංචි කල අයව වහාම සෝදිසි කල යුතුයි. ඒවට සම්බන්ධ අයට දඬුවම් දෙන්න.
පව් අහිංසකයෝ
මේ වගේ දේශපාලන නායකයන් රටේ වාසනාවකට තමයි බිහි වෙලා තියෙන්නේ. ඊළග වතාවෙත් ඉහළින්ම දිනවන්න ඕන.
මේ විනාශයට රටේ ආරක්ෂාව සම්පුර්ණයෙන්ම අතට අරගෙන ඉන්න ජනාධිපති, පොලිස්පති ඇතතුළු මේ විනාශය සිදුවන බව දැනගෙන හිටිය මැති ඇමතිවරු වගකිව යුතුයි. පිටවලින් එන සංචාරකයින්ට ලංකාවේ කිසිම පහසුකමක් නැහැ. අගමැති ජනාධිපති මහින්ද කුලල්කා ගන්න එක නේද තාම කරන්නේ.
නොහැකියාව, නොතැකීම සහ රටට වග නොවීම වත්මන් ආණ්ඩුව අපේ රටට මෙවැනි තත්වයක් උදාකිරීමට හේතුපාදක විය. ත්‍රස්තයින්ට අපේ රට පහසු ඉලක්කයක් කලේ යහපාලන රජයයි. මොවුන් මෙසේ අපේ රට ගැන කල අවතක්සේරුව නොවන්නට, විය හැකිව තිබුනේනම් යම්දෙයක් එය සුළු තත්වයක් වන්නට තිබිණි. යහපාලන රජය ජනතාව භීෂණයට සහ ආර්ථික මරුවිටට තල්ලු කර හමාරය.
ඇමති පුතාට පල්ලි යන්න එපා කියපු තාත්තව වහාම ප්‍රශ්න කළ යුතුයි.
රටට කෙළ වුනත්, තමන් බේරුණා නම් ඇති.
තමන්ගේ තාත්ත සතියක් තිස්සේ දන්නා තමන්ව දනුවත් කරපු භයානක විපතක් ගැන කැබිනට් ඇමති කෙනෙකුටත් සද්ද නැතුව ඉන්න පුළුවන් නම් තමන් විතරක් බේරිලා වෙන මොකක් කියලද කියන්නේ...? අඩුගානේ පල්ලියක ෆාදර් කෙනෙකුට කෝල් එකක් දුන්නානම් කාදිනල්තුමාලත් ඉතින් යම් මට්ටමකින් යහපාලනේ කොටස් කරුවොනේ. දැන් සතුටු ඇති.
කොහෙද ආණ්ඩුව බයයි ඡන්ද ටික නැතිවෙයි කියලා. මෙතැනදී සාමාන්‍ය පුරවැසියන්ගේ වගකීම වෙන්න ඕනේ ත්‍රස්තයින් කවුරුන්ද කියා දැනගන්න ආරක්ෂක අංශයට සහයෝගය දෙන එක. නැතිනම් සියලු දෙනාම ත්‍රස්තයන් ලෙස තමයි සලකන්න වෙන්නේ... මිනී මැරුවත් එකී අනුබල දුන්නත් එකයි. අපිට සාමකාමීව ජීවත්වෙන්න ඕනේ නම් හැමෝම අන්තවාදයෙන් මිදිලා ඉන්න ඕනේ...
මේ සමුළුව විශිෂ්ට උත්සහයකි බෙහෙවින් අගය කරමි
මේ මිලෙච්ච ඝාතනයන් අපි තරයේ හෙලා දකිමු. මේ සිද්දියට මේ රජය අනිවාර්යයෙන් වගකිය යුතුය. ඒ වගේම මේ යහපාලනය වෙනුවෙන් තමන්ගේ වටිනා ඡන්දය දුන් හැම කෙනාම මේකට වන්දි ගෙවිය යුතුය.
අපේ රටේ හමුදාව සහ පොලීසිය අතිශයින්ම ශක්තිමත්. එයාලට එයාලගේ රාජකාරිය නිදහසේ කරන්න දුන්නා නම් නැවත මේ වගේ සිද්ධි ඇති නොවනු ඇති.
තිස් වසරක යුද්ධයෙන් පීඩාවූ අපිට තවත් කළු යුගයට මුහුණ දෙන්න බැහැ. මේකට සම්බන්ද සියලු දෙනාගෙන් අවශ්‍ය තොරතුරු අරන්, ඔවුන් සේරම නැත්තටම නැති කරලම දාන්න. 1982 උතුරේ ත්‍රස්ත ක්‍රියාවන් පටන්ගන්න කොට ත්‍රස්තවාදීන්ගේ සංඛ්‍යාව 10ටත් අඩු. ඒ මොහොතේම නැත්තටම නැති කරන්න තිබුනත්, කළේ නැහැ. අවසානයේ අපිට හිතන්නටත් නොහැකි තරමට දුක් වින්දා. ඒ නිසා එදා කල වැරැද්ද අද කරන්න හොඳ නැහැ.
මේ ඇතිවූ දුක්ඛදායක තත්වයට සාතිශය සංවේගය කාදිනල්තුමනි! රජයේ ඉහල සිට පහල නිලදාරීන් දක්වා තම වගකීම් පැහැර හැරි ඇත. රතු, කොළ, නිල් පක්ෂ පාටවලින් හැමෝම අන්දමන්ද වී ජනතවගේ ආරක්ෂාව බින්දුවට දමා ඇත.
මේ ජාති ආගම් කිසිදු භේදයකින් තොරව සියල්ලෝම කම්පාවන අවස්ථාවක්. තමන්ගෙ පවුලේ ඔක්කෝම මැරිලා ඉතුරුවෙලා ඉන්නෙ පුංචි පැටියෙක්. එයාට කවදාවත් මේක අවබෝධ වෙන්නෙ නෑ. මෙහෙම තත්ත්වයන් දකිනකොටත් ලොකු කම්පාවක්. හැබැයි බේරුවල හා දිගනෙ සිද්ධින් වල ඉඳලා ඔය අන්තවාදීන්ට අනුකම්පා කරපු සිංහල බෞද්ධයන් මිලේච්ඡයින් ලෙස දැකපු අයගේ අදහස් දැන්නම් වෙනස්වෙලා ඇති කියලා හිතෙනවා
මේ වගේ සිද්ධියක් සිදුවිය හැකි බවට විදේශීය බුද්ධි අංශයකින් තොරතුරු පොලිස්පතිට ලැබිල තිබියදී පොලීසිය මොනවද කලේ ? ඔය ඇමතිවරයාට වගකීමක් තිබුනා ඔහුට ලැබුන තොරතුර අඩුම තරමින් අගමැතිටවත් කියන්න. ඔය ඇමති වහාම ඉල්ලා අස්විය යුතුය.
රෝහින්ගයා සරනාගතයන්ට අනුකම්පා කරමු. තව තවත් ගෙනත් පදිංචි කරව ගනිමු. රාජ්‍ය අනුග්‍රහය දක්වමු. ඊට පස්සෙ කෑවා කෑවා කිය කිය ඉමු.
වෙනත් රටක මේ වගේ දෙයක් සිදුවුනා නම් රටේ නායකයා ලෝකයේ කොහේ හිටියත් තම රටට පැමිණෙනවා. අපේ නායකයා ඉන්දියාවේ ඉඳල සිංගප්පුරු ගිහින් තමාගේ වැඩ ටික ඉවර කර ගෙන අද උදේ පැමිණියා.
ඇමති පුතා පල්ලි නොගියේ ඇයි කියලා ඇහැව්වත් කලින් නිකුත් වූ බුද්ධි වාර්තාව නොසලකා සිටියේ කවුද? ඒ ඇයි කියලා ඇහැව්වේ නැත්තේ ඇයි? ඇමති පුතාගේ කතාවට වඩා ඒ වාර්තාව නිවැරදියි නේද? කවුරු කාට කඩේ යනවද?
හරීන් කියනවා මේ සිද්ධිය ගැන ජනාධිපති දැන හිටියත් අගමැති දැනගෙන හිටියේ නැහැ කියලා, විදෙස් මාධ්‍යට කියන්නේ.. එතකොට ලෙඩ ඇඳේ ඉන්න එයාගේ තාත්තා දන්නවා, හරීන් දන්නවා, හැබැයි අගමැති දන්නේ නැත්නම් වහාම ඉවත් වෙන්න ඕනේ අගමැතිකමෙන්, මොකද මේවගේ දෙයක්වත් දන්නේ නැතුව රට ගෙනියන්නේ කොහොමද අර ලෙඩ ඇඳේ ඉන්න කෙනත් දන්නවනම්. මෙතන මේ ඇමතිවරු ඔක්කොම දැනගෙන හිටියා. ඔවුන් පල්ලි ගියේ නැහැ. හැබැයි මේක රට දැනුවත් කලේ නැහැ, මොකද ජනතාවට කිව්වනම් මිනිස්සු දැනගන්නවා ජාතික ආරක්ෂාව දුර්වලයි කියලා, ඒක එයාලගේ ඡන්ද වලට බලපානවා.. ඔක්කොම හංගගෙන හිටියේ දේශපාලනිකව අවාසියක් වේවි කියලා. මේ වගේ ම්ලේච්ච ප්‍රහාර කරපු අයව වැලැක්වීම නිසාම හිරේ ඉන්න බුද්ධි නිලදාරීන් මානව හිමිකම් ගැන මොකද දැන් මොකද කියන්නේ බටහිර රටවල්..
අපේ රටේ මේක කළේ මේ රටේ නීතියක්, රටට ආදරය කරන නායකයෝ නැති බව දැනගෙනයි. නැතිනම් තව රටවල් තිබුනේ නැද්ද ?
හපොයි අපි වගේ ගොන් රැලක්... අපේ රට පාලනය කරන්න කියලා කතිරේ ගහලා පත් කරගත්තේ මේ වගේ කාලකන්නි හැත්තක් කියලා දැනගත්තම දැනෙන දුක දරාගන්න බැහැ. මොනවා කරන්නද අපේම වැරැද්ද? ඊළඟ සැරේවත් බලාගමු..
තොරතුරු සැගවීම මගින් මිනී මැරීමට අනුබල දීම යටතේ නඩු දාන්න බැරිද ?
පුදුම ඇමතිවරු! තමාගේ ආගමේ සොහොයුරන්ට පාස්කු දවසේ මෙවන් මහා විපතක් වෙන්නට ඉඩ හැරියා නම් රටේ අනිකුත් ජාතීන්ට හෝ ලබ්ධිකයින්ට කුමක් බලාපොරොත්තු වෙන්නද?
රටේ ආරක්ෂාව පිළිබඳ නීතීමය බලයක් තියෙන ආරක්ෂක ලේකම් වෙත තාම ඇඟිල්ල දික්වෙනවා දැක්කේ නැහැ. "යම්" "යම්" කියකියා ඉන්නවා හැමෝම.
මහනායක හිමිපාණන් වහන්සේලා, මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුලා එක්වෙලා නිකන් කතිකා තිබ්බාට වැඩක් නෑ. එයාලා කල් ගිහින් හරි සැලසුම් කරලා කරන්නේ එයාලාගේ පොතේ කරන්න කියාලා තියෙනදේ, මොන කෙහෙල්මල් සංහිඳියාවකටවත් ඒවා නවත්වන්න බැරියෝ. නිකන් රැවටෙන්න එපා...
මෙයට වගකිව යුත්තන්ට එරෙහිව නඩුමගට යන්නට ක්‍රියාකිරීමට අදාල අංශ වහාම පියවර ගන්න. සියලු දෙනාම එකතු වී නඩු දමන්න රජය තම වගකීම මුළුමනින් අමතක කර ඇත. එය සාපරාධී වරදකි..
ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවලා මහජන මුදල්වලින් නඩත්තු කරන මේ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු එකෙක්වත් ජනතාව ගැන හිතලා තියෙනවද? ලෝකෙම කම්පා කරන මේ අපරාදය වෙනතෙක් තමන් ආරක්ෂා වෙලා ඔහේ බලන් ඉඳලා තියන පාටත් නේද පෙනෙන්නේ? විපක්ෂ නායකයත් කියනවා ලිපියක් හම්බවුණා කියලා... මේ කණ්ඩායම් සියල්ලම ප්‍රතික්ෂේප කරලා අලුත් ජනතාවගේ හදගැස්ම තේරුම් ගන්න පුළුවන් නායකයින්, මන්ත්‍රීවරුන් ඉදිරියේදීවත් තෝරාගනිමු
ආරක්ෂක අංශවලින් අගමැතිට මෙම සිද්ධිය ගැන නොදන්වා තිබුණත් මේ පිළිබඳව දැනගෙන සිටි ඔහුගේ ඇමතිගෙන් ඇසිය යුතුයි. මෙවැනි රටේ ආරක්ෂාව පිළිබඳ වගකිවයුතු දෙයක් දැනගෙන ඔහුට නොකීම පිළිබඳව... මෙයින් අප තේරුම් ගතයුතු වන්නේ රට පාලනය කරන නායකයින්ගේ රට ගැන සාමූහික වගකීමක් නොමැතිබව සහ ඔවුන්ගේ නායකත්වයේ ඇති දුර්වලතාවයි. දූෂණ, වංචා නැති කිරීමට පැමිණි සැනින් මහබැංකුව හොරකම් කර, එයට සම්බන්ධ වූවන් ආරක්ෂා කරමින් රටේ ආර්ථිකය බිංදුවටම දමා තිස් වසරක් යුද්ධය පවතී. රටේ වැදගත්ම අංශයක් වන ආරක්ෂක බුද්ධි සේවාවන් දුර්වල කළ රජය බෝලය වෙන අයට පාස් නොකර මෙහි වගකීම අනිවාර්යයෙන්ම බාරගත යුතුයි. මහනුවර හිඟුල ප්‍රදේශයේ බුදුපිළිම කැඩීමේ සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ වලදී ඇමති කෙනෙක් පවසන අකාරයට එයට සම්බන්ධ වූවන් පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කිරීමට බලකළ රජයේ බලවත් පුද්ගලයා කවුද? මෙයින් අපට අදහස් වන්නේ රටේ ආරක්ෂාවට වඩා ඔවුන්ගේ පැවැත්මට මුල් තැන දෙන බව නොවේද? පුවත්පත් වලින් නිතර පෙන්වාදෙන, මහජනතාව දැනගෙන සිටි, රජය නොදන්නා ලෙස සිටි මුස්ලිම් අන්තවාදය හිස එසවීම පිළිබඳව මෙම රජය අනිවාර්යයෙන්ම වගකිව යුතුයි.
තොරතුරු සැඟවීම මගින් මිනීමැරීමට අනුබලදීම යටතේ නඩුදාන්න බැරිද? මෙය කළ යුතුය. මේ අහිමිවුණු අහිංසක ජීවිත වෙනුවෙන්, නොඑසේ නම් මේ බෝල පාස් කිරීම ඉදිරියේදීත් කරාවි.
සියලු ආගමික නායකඋතුමාණනි..., ලක්මවගේ අවාසනාවට පහළ වී සිටින බඩගෝස්තරවාදී දේශපාලකයන් අපේ ලක් දෙරණින් පන්නා දමන්න ජාති බේද, ආගම් බේද වලින් තොරව නායකත්වය ගෙන හෙට උපදින දරුවන් වෙනුවෙන්වත් මේ උතුම් රට රැකදෙනු මැනවි...
තාම මේ ආණ්ඩුවට මුස්ලිම් කියන වචනය කියාගන්න පණ නැහැ. ඉතින් කොහොමද සංවිධාන තහනම් කරන්නේ...?
ඇමති පුතා කිව්වම සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ඇමතිකෙනෙක් පුතාට පල්ලි යන්න එපා කිව්වා කියල. නමුත් වෙලා තියෙන්නේ ඇමතියෙක් වුන පුතාට තාත්තා පල්ලි යන්න එපා කියපු බව මිනිස්සු දන්නේ නැහැ. කොහොම වුනත් ජනතා නියෝජිතයෙක් මෙන්ම ඇමති කෙනෙක් වුන ඔහුට එම තොරතුරු දැනගත්ත වේලාවෙවත් අගමැති බැරිනම් වෙනත් පලපුරුදු දේශපාලකයෙකුගෙන් විමසන්න තිබුනා. මේ ඇමති යුතුකම් මගහැරිය බවක් පේනවා .
කරුණාකරලා මේ ත්‍රස්තවාදී සංවිධාන තහනම් කරන්න. ඔය අල්ලපු එක්කෙනෙක්වත් පන පිටින් තියන්න එපා. මේ කුරිරු ප්‍රහාරයෙන් මිය ගියේ අපේම දෙමව්පියෝ. අපේම දුවා දරුවෝ. අපේම සහෝදර සහෝදරියෝ. මේවට වග කියන්න ඕන අය ඉක්මනින් හොයා ගන්න. අනිත් දේ මමත් මුස්ලිම් ජාතිකයෙක්. නමුත් අපේ රටට මුහුණ වහගන්න සංස්කෘතිය එපා. ඒවා අපිට ගැලපෙන්නේ නැහැ. ලෝකේ ලොකුම මුස්ලිම් රාජ්‍ය ඉන්දුනීසියාව නමුත් එහෙ කව්රුත් මුහුණ වහන්නේ නැහැ. අවුරුදු 20කට කලින් මේ මුහුණ වහගෙන ඉන්න සංස්‌කෘතිය අපේ රටේ තිබුනේ නැහැ. මේවා ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් අපේ රටට ආව දේවල්. ඒකෙන් වුනේ අපි ජාතීන් වශයෙන් ලොකු බෙදීමකට ලක් වුනා. මේක මහා අපරාදයක්. මේවට දැන් හරි වහාම විසදුම් හොයන්න ඕනේ. අපි මොනවා බෙදා ගන්න බැරිවද මේ මරා ගන්නේ. නැගෙනහිර ප්‍රශ්නයක් තියෙනවනම් රජයෙන් වහාම එයට නිසි විසඳුමක් සෙවිය යුතු බව කව්රුත් පිළිගන්න ඕනේ. මින් මතුවටවත් මේ වගේ අපරාධ සිද්ද වෙන්න නරකයි. අනිත් කාරණේ මෙහෙම දෙයක් වෙන්න යන බව දැනගෙනත් උක්ත කාරණය ගැන තැකීමක් නොකර හිටපු එක නම් කොහොමත් පිළිගන්න බැහැ. කරුණාකරලා ඒ ගැන පුළුල් පරීක්ෂනයක් තියන්න.
ජනතාවගේ සල්ලිවලින් ජීවත්වෙලා ජනතාව මරාගෙන කන පාලකයෝ සිටින රටක් මේක. අපේ අනාගත පාරම්පරාවට දෙවියන්ගේම පිහිටයි !!!!!!!!!!!!
තොරතුරු දැන ගෙනත් එය සැඟවූයේ දේශපාලන වාසියක් ගැනීමට විය හැක. එවිට හදිසි අවස්ථාව දමා තමන්ට රිසි ලෙස රට පාලනය කිරීමට අවස්ථාව ලැබෙන නිසා විය හැක.
මෙය ආරම්භයද අවසානයද නොවනු ඇත සියල්ලේ විනාශය අපේ ප්‍රමාදයම බව අපි කොතෙක් අත්දැකිම් ඇතත් ඵය නිවැරදි නොකරගන්නා ජාතියක් හැටියට අදත් අපගේ අහිංසක ජනතාව මරනයෙන්ම මුහුන දුන්නා. මෙය සිදුකල අයට වඩා භයානකකම ඇත්තේ මේවාට උඩගෙඩි දේශපාලකයින් හා අන්තවාදී සංවිධාන බව තේරැම් ගෙන ඉදිරි පියවර ගතයුතුයි
රෝහින්ගයා සරනාගතයන්ට අනුකම්පා කරමු. තව තවත් ගෙනත් පදිංචි කරව ගනිමු. රාජ්‍ය අනුග්‍රහය දක්වමු. ඊට පස්සෙ කෑවා කෑවා කිය කිය ඉමු.. හොඳ පාඩමක් අපිට
මේ ගස් කපන කැලේ එලි කරන කෙනාව උඩට අරගෙන මිනිස්සු පදිංචි කරන්න දුන්නේ කව්ද? ඒ පදිංචි කරපු අය කව්ද කියල හෙව්වද? මේවට කලින් අයත්, දැනට ඉන්න අයත් වග කියන්න ඕනේ.
පාර්ලිමේන්තුවේ 225 දන්නවා ඔය සිද්ධිය වෙනවා කියලා මට හිතෙන විදිහට.. ඔය අය තමයි වගකිය යුත්තෝ. ඔවුන්ට දෙවියන්ගේ සැප ලැබේවා..!!!
නිලධාරීන්ට බලය දෙමු. දේශපාලකයන්ට බලය දුන්නම ඕක වෙනවා. නිලදාරීන් අණක් ලැබෙනකම් ඉන්න ඕනේ නැ.
ඇමති පුතා ඇදගෙනම නාගත්තා.