
(සුජිත් හේවාජුලිගේ )
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිරිනමනු ලැබීය.
ඔහුට මෙසේ ලබා දී ඇත්තේ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයයි.
නාමල් රාජපක්ෂ මහතා නව රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ(3) පෙරවරුවේ දිවුරුම් දුන්නේය .
ඔහුට මෙම තනතුර පිරිනමා ඇත්තේ තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ධුරයට අමතරවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියුමී හංසමාලි යූ ටියුබ් එකේ කතාකරපු ආකාරය දෙස බැලීමේදී මෙතන අප නොදන්නා අසාධාරණයක් ඔවුන්ට වෙලා තියෙන බව පෙනේ. නීතිය කාටත්, සමාන විය යුතුයි. එසේ නොවී එය එක් පැත්තකට බරව කටයුතු කරන්නේ නම්, අසාධාරණයට ලක්වූ මිනිසුන් නැඟී සිටිනවා. ඒක තමයි සිදුවෙන දේ. මේ අයටත් ඒ වගේ අසාධාරණයක් වෙලා වගේ. එක්තරා විද්‍යුත් මාධ්‍යවේදියෙකු වෙත අය කරපු චෝදනා වලට ඔහු පිළිතුරු දිය යුතුයි.
"නීති විද්‍යාල වංචා, දූෂණ සෙවීමේ රාජ්‍ය අමාත්‍ය" ධුරයකුත් දුන්නනම් හරි. හික්ස්...
තම තමුන්ගේ පවුල් ගොඩදාන එක හැරෙන්න වෙන දෙයක් කරේ නැත.
ඔන්න මඩ බලකායටත් අනුමැතිය දුන්නා...
අපි හිතුවේ පවුලේ අයට හැඳි දෙක දෙක කියලා... හොඳයි , හොඳට බෙදාගන්න.. වැඩි කාලයක් ගතවෙන්න ඉස්සෙල්ලා අපි මේ පවුල් බලය අවසන් කරමු.
පවුලට රජ සැලකිළි අඩුවක් නෑ නේද? නොදකිං මේ ආණ්ඩුවත්෴ තාම මාස 9යි නේද? ඡන්දයකට ඉක්මනට යන්න වෙයි වගේ...
මේ වෙලාවේ හරිනම් ඇමැතිකම් අතහරින්න ඕනේ..
කෝ මේ තංගල්ලේ හෝටලේට ගිය අනර්කලී ළමයා?
දැන් තමයි රට සීඝ්‍රයෙන් දියුණු වෙන්න පටන් ගන්නේ... ඕක නැතුව හැමදේම නැවතිලා තිබ්බේ...!!!
ෆයිබර් (FTTH) හරහා ලබාදෙන අන්තර්ජාල සේවා සඳහා ලෝකේ වැඩිම මිලක්ය... කරන රටවල් අතර ලංකාව උඩින්ම ඉන්නේ... කරුණාකර අකාර්යක්ෂම ටෙලිකොම් සමාගමේ FTTH දීමේ ඒකාධිකාරය නැති කරන්න.
නාමල්ට තොරතුරු තාක්ෂණය ගැන හොඳ දැනුමක් තියෙනවා වගේ නේ ලෝයර් කෙනෙක් වුණාට... අපේ සර් දෙන්නේ ඕවා හොඳට හොයලා බලලා...!!!
මෙන්න නාමල් ඇමැතිතුමාට ලකුණු දාගන්න හොඳ අවස්ථාවක්.. මාස 02ක් ඇතුළත මුලු රටටම අන්තර්ජාල පහසුකම් ලබාදෙන්න.
හරි තව පඩියක් එකතු වුණා.. පවුලටම බෙදාගනිල්ලා. අපි වහල්ලු... කොරෝනාවෙන් මැරි මැරී.. බලාගෙන ඉන්නම්...!!!
තොරතුරු තාක්ෂණය තරුණ පරපුරට ලබාදී එමගින් රැකියා නිර්මාණය කිරීමට ලැබේවා....!!!
මම දන්න ඩිජිටල්. කලා ධාරාවෙ මොන ඩිජිටල්ද?
පඩි මදි වගේද දන්නැ
දැනට කරන වංචා, වැඩිදියුණු කර ගැනිමට බාප්පාගේ උපකාරය...
මීළඟ ජනාධිපති අපේක්ෂකයා කරන්න දැන්මම සූදානම් වෙන පෙර ලකුණු පහළ වෙයි.
නාමල් ඉදිරියට ගැනීමේ උපායමාර්ගික වැඩපිලිවෙලේ තවත් එක් පියවරක්...
දළදා මාළිගාව ළඟ කාර් රේස් නෑ වගේ දැන්...!!!
වලව් දේශපාලනයේ දක්ෂතම කෝටිපතියන් වෙන්නේ මැදමුලන වලව්වයි. එය අනාගතයෙත් එසේම බවට මේ මොහොත අපි සිහිපත් කරමු. පීඩිත පංතිය කියන ගව සම්පතට ජයවේවා! වහලාගේ පැවැත්ම රජවරුන්ගේ වාසනාවයි.