(මනෝප්‍රිය ගුණසේකර)
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට කළුතර බන්ධනාගාරය තුලදී හිස් කබල කැඩී යන අන්දමට අමානුෂික අන්දමින් පහර දී මරා දැමීමට තැත් කළ බවට චෝදනා ලැබු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දෙදෙනකුට වසර 15කට අත්හිටවනු ලැබු මාස 22ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඔ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 40000/- බැගින් දඩයකටද ඔවුන් යටත් කළේය
බන්ධගාරගතව සිටින රැඳවියන්ට දේශපාලන අධිකාරිය විසින් ලබාදිය යුතු සහන මොනවාදැයි සොයා බැලීම සඳහා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඩග්ලස් දේවානන්ද මහතා මීට වසර 24කට පෙර බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී විත්තිකරුවන් විසින් මරණය ගෙන දිය හැකි තුවාල 27ක් වන අන්දමට සිදුකළ පහරදීම බරපතල ක්‍රියාවක් බව අවධාරණය කළ විනිසුරුවරයා වින්දිත ඩග්ලස් දේවානන්ද මහතාට ලක්‍ෂ 02ක වන්දියක් ගෙවීමටද විත්තිකරුවනන්ට නියම කළේය
චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ යාපනයේ පදිංචි එස්. ස්කන්ධරාජා සහ මඩකලපුවේ පදිංචි නිර්මලන් රෝහාන් නමැත්තන්ටය
1998 ජුලි මස 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කළුතරදී නීතී විරොධී රැස්වීමක සාමාජිකන් වශයෙන් කටයුතු කරමින් කළුතර බන්ධනාගාරය තුලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු වු ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී මරා දැමීමට තැත් කළ බවට නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබීණී
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාද අධිකරණයේ පෙනී සිටියේය
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකරුවෝ අධිකරණයට දැනුම් දන්හ
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් සිද්ධීයෙන් වසර 24කට පසු සිද්ධීය සම්බන්ධයෙන් පවරා තිබු චෝදනාවන්ට තම සේවාදායකයින් වරද පිළිගන්නා හෙයින් ඔවුන් සම්බන්ධධයෙන් ලිහිල් දඬුවම් නියම කකරන්නැයි ඉල්ලා සිටියේය
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමති ඩග්ලස්ට පහරදුන් සිරකරුවන්ට අධිකරණය දුන් දඬුවම