
(සුජිත් හේවාජුලිගේ)
ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිතය.
මේ අතර ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15 ක් පමණ ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඇමති බංගලා කුලියට දෙන ලෙස විවිධ ආයතන හතක් පමණ මෙසේ ඉල්ලීම් කර ඇත. මීට අමතරව විනිසුරුවන් තිදෙනෙකුද ඇමති බංගලා තමන්ගේ පාවිච්චියට දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම ඉල්ලීම් සියල්ල රජයේ අවධානයට ඉදිරිපත් කළ බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය. මේ අතර ඇමැති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට යොදවා ගත හැකි බවට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් රජයට යෝජනා කර ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අඩු කරන්නේ කවදාද?
ඇමැති බංගලා ඇමැතිවරුන්ටම දීම වඩා සුදුසුයි. උපරිම පහසුකම් දුන්විට ඔවුන්ගෙන් උපරිම සේවාවක් රටට සිදුවනු ඇත...
NPP එකේ ඇමැතිවරුන්ට සැප දෙන්න ඕනෑ නැහැ. ඔය මිනිස්සු හොඳට ඇහුවේ වැස්සේ කැට හොලවා කට්ට කාපු මිනිස්සු... එයාලාට වැඩි සැප දෙන්න ගිහිල්ලා නිකන් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ වෙයි.