
(අංජුල මහික වීරරත්න)
ඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව නිසා අවුරුදු සමය වන විට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා ලංකාදීපට පැවසීය.
රුපියල අවප්‍රමාණය වීම නිසා මේ වන විටත් රෙදි මිල සියයට 35 කින් වැඩිවී ඇතැයි ද නිරුක්ෂ කුමාර මහතා කීය.
විනිමය අනුපාතය නිරන්තරයෙන් වෙනස් වන තත්ත්වය යටතේ දේශීය සැපයුමේ නිරත ඇඟලුම් කම්හල්වලට ලාභ ලැබීම පිළිබඳ විශ්වාසයකින් නිෂ්පාදන කටයුතු කරන්නට නොහැකි වී ඇති බව ද නිරුක්ෂ කුමාර මහතා පැවසීය.
දිනකට පැය 8 කට ආසන්න කාලයක් විදුලිය කැපීම නිසා කුඩා පරිමාණ ඇඟලුම් කම්හල් හිමියන්ට නිෂ්පාදනයකින් තොරව සේවක පඩි ගෙවීමට සිදු වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම අර්බුදයේ වෙනසක් සිදු නොවුන හොත් අවුරුදු සමය වන විට ජනතාවට අතින් හෝ කොළ අතුවලින් විලි වසා ගන්නට සිදු වනු ඇති බව ද සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටනේ ඔයාලා නන්දසේනව පත්කරගත්තේ... දැන් ගල් යුගයට යන්න... එච්චරයි. !!!
හැමතැනම අර්බුද තමයි. පසු කොරෝනා තත්ත්වය ලෝකේම බලාපොරොත්තු වුණා. නමුත් අපේ රටේ පාලකයින් ඊට සූදානම් වුණා දැයි කියන්න බෑ. තවම එයින් ගොඩ එන්න මගක් නිර්මාණය කරගෙන නෑ. මේවා වර්තමාන පාලනය විතරක් නෙවෙයි නිදහස් ආර්ථිකය, රෙද්ද ගැලෙව්වා වගේ රටට අරන් ආපු පාලකයින්ගේ නිර්මාණ...
ආර්ථිකය තියා කුස්සියක්වත් පාලනය කරන්න බැරි ලංකාවේ පත්වුණු දුර්වල, දූෂිතම රජයක් මේක... සම්පූර්ණ ජන ජීවිතයම උඩු යටිකුරු කරලා රටම නැතිභංග කරලා වලපල්ලට යැව්වා...
රෙදි නැතුව හරි අපිට ඉන්න රටක් ඉතුරු වෙලා තියෙනවා. මදිද? ඩුබායි..
මාධ්‍යවල කියන්නේ බොරු... ජෙප්පන්ගේ කුමන්ත්‍රණ...