(ජේ.කේ.එල්. චාමින්ද)
හෙට (16) දින ඇදිරි නීතිය ඉවත්කිරිමෙන් පසු ගාල්ල ධිවර වරායට පැමිණෙන පාරිභෝගික ජනතාවට තදබදයකින් තොරව කඩිනමින් මසුන් මිලදි ගැනිම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ගාල්ල ධිවර වරායේ කළමණාකරු නෙරන්ජන් දිසානායක මහතා පවසයි.
පාරිභෝගිකයින් පැමිණෙන පිළිවෙළ අනුව අංකයක් ලබාදි වරකට 25 දෙනෙකු බැගින් ධිවර වරායට ඇතුල් කිරිමට පියවරගෙන ඇති බව සදහන් කළ ධිවර වරායේ කළමණාකාරවරයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ උපදෙස් අනුව දුරස්ථභාවය පවත්වාගෙන යමින් එම කටයුතු සිදුකරගෙන යන බවද පවසයි.
මේ පිළිබද අදහස් දක්වමින් ගාල්ල ධිවර වරායේ කළමණාකාරවරයා මෙසේද කිවේය.
අලුත් අවුරුදු දිනවල ද ගාල්ල ධිවර වරයේ කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක වුණා. අලුත් අවුරුද්ද යෙදි තිබු ඊයේ (14) දින මෙන්ම අද දිනද (15) ධිවර වරාය තුල තොග වෙළදාම සිදුවුණා. රටේ පවතින තත්වය නිසා අලුත් අවුරුදු දින වලද මුහුදු යාම සදහා ධිවර කාර්මිකයින් ඉල්ලිමක් කළා. ඒ සදහා ධිවර කමිටුවේ අනුමැතිය හිමිවුනා.පසුගිය 12,13,14, මෙන්ම අද දින ද (15) ගාල්ල ධිවර වරායෙන් මසුන් ඇල්ලිම සදහා බහුදින යාත්‍රා පිටත්ව ගියා. මසුන් අල්ලාගෙන බහුදින ධිවර යාත්‍රා ධිවර වරායට පැමිණියා. මසුන් අලෙවි කරගැනිමේ කිසිදු ගැටළුවක් නැහැ. අද දින සුරියවැව මොනරාගල ප්‍රදේශවල සිටද මාළු මිලදි ගැනිම සදහා තොග වෙළදුන් පැමිණ සිටියා.
හෙට දින ඇදිරිනිතිය ඉවත් කරන නිසා පාරිභෝගිකයින්ට ද මසුන් මිලදි ගැනිමට අවස්ථාව තියෙනවා. යතුරුපැදිවලින් හා පාපැදිවලින් මසුන් අලෙවිකරණ වෙළදුන්ට වෙන්දෙසි ශාලාව වෙත ගොස් මසුන් මිලදි ගන්න පුළුවන් ධිවර වරායේ තොග වෙළදුන් 24 දෙනෙකු ඉන්නවා. ඒ සේවාව ලබාදෙන්න කියා උපදෙස් ලබාදි තියෙනවා යැයි ද ගාල්ල ධීවර වරයේ කළමණාකාරවරයා සදහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇඳිරිය ඉවත් කළ පසු මාලු ගන්න වැඩපිළිවෙළක්