(අමිල දොළපිහිල්ල )
මහනුවර දිස්ත්‍රික්කයට පනවනු ලැබ ඇති ඇඳිරි නීතිය අද (20)පෙරවරුවේ පටන් තාවකාලිකව ලිහිල් කෙරුණද ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය සැදැහැවතුන් සඳහා විවෘත කිරීමට තව දින කිහිපයක් ගතවනු ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .
ආගමික සිද්ධස්ථාන විවෘත කිරීම පිළිබඳව රජය විසින් මෙතෙක් දැනුම්දීමක් කරනු ලැබ නැති බැවින් මෙම තීරණය ගෙන ඇතැයිද නිලමේවරයා සඳහන් කළේය .
ආගමික සිද්ධස්ථාන ආශ්‍රිත කටයුතු මෙන්ම ජනතාව ඒකරාශී වන වෙනත් ක්‍රියාකාරකම්ද රජය විසින් තව දුරටත් තහනම් කරනු ලැබ ඇත .
කෙසේවෙතත් දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදුකරනු ලබන වතාවත් නිසි අයුරින් සිදුකිරීමට සියලු විධිවිධාන යොදා ඇතැයිද දියවඩන නිලමේවරයා වැඩි දුරටත් සඳහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා මාලිගාව කලකටම වසා දමන එක තමයි හොඳ. කොරෝනා පැතිරෙන්නට තිබෙන පහසුම ස්ථානය .
හැබැයි සුරා සල් නම් ඇරලා අන්න.. දේශප්‍රේමීන්ට බැරි වුනානේ ආගම සුරාවට ඉදිරියෙන් තියා ගන්න.