(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
හසලක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් කාන්තාවක ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය.
තමන් නැවක සුක්කානමක රුව සහිත ගවුමක් ඇඳගෙන සිටියදී ධර්ම චක්රයක රුව සහිත ඇඳුමක් ඇඳසිටිනවා යැයි වැරදියට වටහා ගෙන මෙලෙස අත්අඩංගුවට ගත් බව පෙත්සම්කාරිය සඳහන් කර තිබේ.
ඒ අනුව මෙම පෙත්සම ලබන පෙබරවාරි 12 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.
බුවනෙක අළුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
කොළොන්ගොඩ පුදලුගස්යායා ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසහීනා නැමැත්තිය ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන්වශයෙන් නීතිපතිවරයා , හසලක පොලිස් ස්ථානාධිපති චන්දන නිශාන්ත සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ ඇත.
ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන්විණි.
‘‘පෙත්සම්කරු එක් දරු මවකි. කලක් සෞදි අරාබියේ ගෘහසේවයේ නියුතුව පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන්නීය. පසුගිය මැයි 17 වැනි දින පෙරවරු 10.30ට පමණ පොලිස් නිලධාරීහු පිරිසක් ජීප් රථයකින් පෙත්සම්කාරියගේ නිවසට පැමිණියහ. එහි සිටි එක් පොලිස් නිලධාරියෙකු ධර්ම චක්රයක රුව සහිත මැක්සි ගවුමක් ඇඳ මහමඟ ගමන් කිරීම පිළිබඳ ඇගෙන විමසා සිටියේය.
එම ගවුම තමන්ට ලැබුනේ තමා ගෘහසේවිකාවක වශයෙන් සේවය කළ රටේ ස්වාමිදුව ගෙන් බව පෙත්සම්කාරිය සැලකර සිටියාය. එම ස්ථානයේ සිටි හසලක පොලිස් ස්ථානාධිපති ඇයව අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.
ඉන්පසුව ඇයව පොලිස් ස්ථානයට රැගෙන ගියේය. ඉන් අනතුරුව ඇය දණ්ඩ නීති සංග්‍රහයේ 291 බී වගන්තිය යටතේ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ජුනි 03 වැනිදා තෙක් බදුල්ල බන්ධනාගාරයේ රිමාන්ඞ් බාරයට පත් කළාය.පසුව ජුනි 03 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හරිනු ලැබීය.
පෙත්සම්කාරිය ඇඳ සිටි මැක්සි ගවුමේ සඳහන් වන්නේ ධර්ම චක්රයක රුව නොව නැව් සුක්කානමක රුවකි. ඒ අනුව පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , ඊට වන්දි ලබා දෙන ලෙසත් , මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසත් පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.
පෙත්සම්කාර කාන්තාව වෙනුවෙන් නීතීඥ හරිනි ජයවර්ධන , නීතීඥ පුලස්ති හේවාමාන්න සහ ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ මහතා පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරටවත් පොලීසියට අනුයුක්ත කරගනිද්දී අඩුම ගානේ ලොකු පඩියක් දීලා උගත් බුද්ධිමත් අය පමණක් ඕ.අයි.සී.ලා කරගන්න. අඩුම ගානේ එහෙමවත් මෙවැනි විහිලු අඩුවේවි. දැන් ඉතින් සල්ලි මලු ලෑස්ති කරලා තියාගන්න වෙයි. ඔය සිද්ධියට සම්බන්ධ සියලුම දෙනා...
මෙන්න පළවෙනි ඡන්ද ප්‍රතිඵලය හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කිව්වලු...
ධර්ම චක්‍රය වෙනුවට විකාර රූපයක් භාවිතා කරන බෞද්ධයින් ඉන්න රටක මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නොවේ. ඊටත් වඩා පුදුමය ධර්ම චක්‍රය නිවැරදි කරන්න කිසිදු බෞද්ධ බලධාරියෙක් නායකයෙක් ඉදිරිපත් නොවීමයි.
එතකොට පොලිස් නිලඇඳුමේ ධර්ම චක්‍රය ගහගෙන කරන වැඩ හොඳයිද?
කැලුම්, ධර්ම චක්‍රය මොන වගේ එකක්ද කියලා නොදැන ඔහොම කතා කරන්න එපා. එය ඉතා පහසුවෙන් පෙරලිය හැකි සුමට දාරයකින් යුතු රෝදයක් බව අමතක නොකරන්න. වටේට කට්ට 8ක් එළියට පැනපු රෝදයක් පෙරළෙන්නේ කොහොමද? මහ නායක ස්වාමීන්ට මේවා නොපෙනේ. අනෙකුත් බෞද්ධ ආගමික බලධාරීන්ද නිහඬව ඉන්නේ මන්ද?
ඒ කාලේ හිටු කියලා අහිංසක මිනිස්සුන්ව අත්අඩංගුවට ගත්ත කිසිම සාධාරණ හේතුවක් නැතිව. ඒ පොලිසියට ලකුණු දාගන්න. පොලිසිය එල්ලුවේ පොඩි මිනිහව.. වැරැදි කරපු අය නිදහසේ හිටියා.
පැහැදිලිවම ඇයට සාධාරණය ඉටුවිය යුතුයි. ඒ වගේම තමන් කරන දේ හරි වැරැද්ද නොදන්නා මේ නිලධාරීන් සියලුම දෙනාට විනය ක්‍රියාමාර්ග ගතයුතුයි.. දේශපාලන මැදිහත් වීම් හා පත්වීම් තුළින් ශ්‍රී ලංකා පොලීසිය ජරාජීර්ණ වී ඇත...
ඔය වගේම තව ගොරකයෙක් ඉන්නවා කොළඹ වංචා විමර්ශන අංශයේ අධ්යක්ෂවරයෙක් ඉන්නවා. මිනිහගේ කලින් බිරිඳට වංචාවක් කරලා පහර දීලා හොර අත්සන් දාලා දේපල ලියාගෙන ඒ පිළිබඳව නඩු යටතේ මේ මිනිහට විරුද්දව නඩුවක් ගංගොඩවිල උසාවියේ විභාග වෙමින් පවතිනවා. ඊළඟ නඩු දිනය ජුලි 10 වෙනිදා. මෙයා ඕනෑම නාඩි වැටෙන ගැහැණියෙක් තමුන්ගේ මිනිහට විරුද්දව හෝ පැමිණිල්ලක් දැම්මොත් වහාම බල ඇණියක් යවලා ඒ මිනිහව අත්අඩංගුවට අරගෙන බන්ධනාගාර ගතවෙනවා. කොළඹට බෝම්බ ගහපු දවසේ ඇඳිරි නීතිය අස්සේ මිනිහගේ හොර අඹුවක් කරන ලද පැමිණිල්ලක් නිසා නිරපරාදේ අසරණ මිනිහෙකුට පහරදීලා බන්ධනාගාර ගත කරා. ඒ මිනිහව අත්අඩංගුවට ගන්න බොරැල්ලේ තිබුන මාර්ග බාධකයේ හිටපු පොලිස් කාරයන්ව ඉවත්කරලා මාර්ග බාදකයත් ඉවත් කරලා වහාම පොලිස් බල ඇණියක් අවිස්සාවේල්ලට යවලා ඒ අසරණ මිනිහව අත්අඩංගුවට ගත්ත එක ගැන මිනිහත් ලඟදි හොඳ පාඩමක් ඉගෙනගනියි.
ධර්ම චක්‍රය වේවා.. නැව් සුක්කානම වේවා, මේ කාන්තාව වැරදියි. බෞද්ධ රටේ අපි කැමැති විදිහට ඉන්න අනෙක් ජාතීන් උත්සුක විය යුතුයි.
පොලිසියේ ඉඳලා තියෙන්නේ නම් රට බූරුවෝ ටිකක්..
මේ වගේ බූරුවෝ ඉන්න රටක්ද මේක..! මේ මනු ලෝකේ කොහෙවත් නෑ මේ වගේ රටක්...! මේ වගේ නූගත් මිනිස්සු කරන දේවල් වලින්, අපි නිකන් කොන් වෙනවා. වාහනවලට, බයිසිකල්වලට, ගොන් කරත්තෙට නඩු දාන්න? මොකෝ, ඔය හැමෝම දාගෙන යන්නේ චක්‍රය! ධර්ම චක්‍රයක් හරි, කුරුසයක් හරි, අල්ලල හරි, ගණදෙවි හරි නළලේ කොටාගෙන හිටියත් මොකෝ! කාටවත් නඩු දාන්නත් බැහැ! මේ වගේ දේවල් වලට නඩු අහන එකා ඔක්කෝටම වැඩිය බූරුවෙක්! මොන ඉස්කෝලේද ඉගෙන ගත්තේ නීතිය? නීති පොතක් කියා දෙයක් තියනවා ලංකාවේ ජීවත් වන අයටත්! «වඳුරු නීති» හදනා අයට කැලෑවට යන්න කිවානං හරි. පොලියට කියන්න ඕනෑ මේ වගේ දේවල් වලට නඩු අරගෙන එන්න එපා කියලා උසාවියට..! තංගල්ලේදී උසාවියෙන් බැනලා තිබුණා. මලු කපන මන්න පිහියි, විකුණපු කඩේකට නඩු දාලා. මේවගේ වැඩ කරන අයට ලොකු දඬුවමක් දෙන්න ඕනෑ! ඔය අහිංසක මනුෂ්‍යයාට ගෙවන්න ඔන්න ආණ්ඩුවෙන්, වග කියන්න ඕනෑ. ආණ්ඩුවෙන් සමාව ඉල්ලන ඕනෑ! අපි ජීවත්වෙන්නේ ලංකාවේ, ගෝත්‍රිකයන් ඉන්න රටක නෙවේ..