(අංජුල මහික වීරරත්න)
කුලියාපිටිය මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් නව දෙමුහුන් ඇන්තූරියම් විශේෂ 44ක් හා අන්නාසි ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබේ.
මෙම ඇන්තුරියම් විශේෂ 44 ට අමතරව තවත් ඇන්තූරියම් විශේෂ දෙකක් ලංකා බියුටි හා ලංකා කුමාරි යනුවෙන් නම් කරන ලද බව මාකඳුර කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ නිලධාරිහු පැවසූහ. අන්නාසි ප්‍රභේද සදහා තවමත් නම් යෝජනා කර නැත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාකඳුර කෘෂිකර්ම පර්යේෂණායතනයට ගොස් එහි පර්යේෂණ පිළිබඳව ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවකට සහභාගී විය.
අලුත් ඇන්තූරියම් විශේෂයන් හි ප්‍රධාන ලක්ෂණයන් වන්නේ ඇන්තූරියම් මල් දිලිසෙන වර්ණයන්ගෙන් යුක්තවීම හා මලෙහි ආයු කාලය දීර්ඝ වීම බවත් සතියක කාලයක් වර්ණය වෙනස් නොවී හා මල් පරවී යාමට ලක් නොවී පවතින බවත් පර්යේෂණ නිලධාරීහු ප්‍රකාශ කළහ.
නව අන්නාසි ප්‍රබෙිද දෙක කටු රහිත වන අතර ඉමිහිරි රසයකින් ද යුක්ත වන බවත් රසායනික පොහොර යෙදීමකින් තොරව කාබනික පොහොර යොදා ගනිමින් වගා කිරීමට ඇති හැකියාව නිසා ජාත්‍යන්තර වෙළෙද පොළ සඳහා ද මෙම අන්නාසි ප්‍රභේද දෙක යොදා ගත හැකි බවත් පර්යේෂකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
".....හලෝ ..ඔව් ඔව් මම තමයි මේ මගේ නමත් ඔය ඇන්තුරියම් මලකට දමන්න. " තණමල්විල හොර කුමාරයා " කියලා දාන්නකෝ...හරි..හරි ඒවා ඔක්කොම හරි...ඔව් ඔව් ඔය එක එක ආණ්ඩුවේ පක්කලියන්ගේ නම් දාන එපා...උන් මොනවාද මේ රටට කරලා තියෙන්නේ ..ආ..ඇත්ත ඇත්ත ..මම එහෙමද ..කෘෂි කර්මාන්තයට නව පණක් දුන්නේ මමනේ. එක නොවෙයි මගේ " මල් " හේනේ අස්වැන්න කපන්න ලඟයි...ඔව් දැන් ආදී 6 උසට වැවිලා ..එස් ටි එෆ් කාරයෝ පනින්න කලින් ඒවා කපලා කෙලින්ම මගේ වාහනෙන්ම කොළඹට ගෙනියන්නයි ඉන්න ..ඔව් ඔව් ..හරි හරි එහෙනම් හම්බවෙමු . "