(සුජිත් හේවාජුලිගේ)
ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන් රටේ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට විදේශීය සංවිධාන සමග එක්වී කටයුතු කරමින් සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරගුරු හිමිපාණෝ පැවසූහ
මෙය ලංකාවේ මෑතක සිට ඇතිවෙමින් පවතින භයානක තත්වයක් බවත් මෙමගින් රට අඳුරට යා හැකි බවත් උන්වහන්සේ කීහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේට මියන්මාර් රජයෙන් දුන් අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයේදීය.
මෙම උත්සවය කොළඹදී ඊයේ පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු වගේ හොරෙන් හොරෙන් කරන එක තමයි හොඳ නේද ....
ඔය කියන්නේ හරිනි ගැනයි. බිමල්ට අගමැතිකම දෙන්න සහෝදරයා...
කියන අයම අහුවෙයිද සැකයි... බෞද්ධ ආගමට හා නායකයින්ට පහර දීම මොවුන්ගේ පරම අරමුණක්. නියම සිංහල නායකයා පහළ වනතුරු බලා හිඳිමු...
ඉතිං ඔය කරනවා කියන අයගේ නම් ගම් එක්ක කියන්න බැරි පාස්කු ප්‍රහාරය ගැන හොයන එක නවතී කියන බයට වෙන්න ඇති. මොනවා වුණත් අර චාමර සම්පත් කිව් කතාවට රෙස්පෙක්ට්....!
ඇයි අනේ සමහරු සමහරු කියන්නේ? ඔය ඉතින් ඕක දන්න එක්කෙනානේ... කියන්නකෝ කෙළින්ම...
ෆාදර්ලා ගැනද කියන්නේ…? ඇහුන්නෑ…
හරි ෂෝක් කතාව. දැන් පුළුවන් කොල්ලන්ට හිතෙන හිතෙන වෙලාවට පල්ලිය පැත්තේ යන්න. මෙතැන ඔය කියන දේවල් වෙන්නේම නැති පිරිසිදු තැනක්...
ඔබතුමා පොඩි කාලේ ඉඳලා ජීවිත කාලයක් පල්ලිවල සායනාගාරවල අනිත් බොහෝ දෙනෙක් සමග නොවෙයිද නිදාගත්තේ…? දැන් නිකං නින්දෙන් ඇහැරිලා වගේ මොකෝ මේ කියන්නේ..?
වපුරපු දේවල් තමයි රටටම දැං නෙලන්නවෙලා තියෙන්නේ.. ඔයාලත් මේවට වගකියන්න ඕනෑ..
ඕක කියන්න රෝමානු කතෝලික ඉතාලියට, දැන් හාමුදුරුවෝ උඩ පැන්නට තායිලන්තයේ සමලිංගික විවාහ නීතිගත කරාට. ලංකාවේත් ඕවා නීතිගත කරනවා. මොකද යුරෝපයේ බලපෑම් හින්දා. කාදිනල්ට තියා පාප්තුමාටවත් ඕක නවත්තන්න බෑ...
එහෙම දෙයක් වෙනවා නම් රටක් විදිහට ලැජ්ජා වෙන්න ඕනෑ.
සිංහල රජ කෙනෙකුත් තම මිතුරාගේ දේහය දැවෙන ගිනිමැලයට පැන්නා නේද? හොරෙන් කරන එකද හරි...?
ඕවා ලෝකය පුරා... එදත් අදත් හෙටත් සිදුවෙනවා... කාටවත් නවත්වන්න බෑ. කරන්න ඕන අය කරන්න. අනිත් අය බලබල ඉන්න.