(විමුක්ති එස්.රුද්‍රිගු)
පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකළ ඇඟලුම් අපනයනය 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සමස්ථයක් ලෙස සියයට 5.23 කින් වර්ධනය වී ඉන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එක්සත් රාජධානිය හැර යුරෝපයට සිදුකළ ඇඟලුම් අපනයනය සියයට 0.81 කින් වර්ධනය වී ඉන් ලැබූ අදායම ඩොලර් බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දත්ත වාර්තාවේ සඳහන් වේ.
එසේම ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට සිදුකළ ඇඟලුම් අපනයනයන් 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 7.65 ප්‍රතිශතයකින් වර්ධනය වෙමින් ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 675 දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තාවල දැක්වේ. ඉහත රටවල් හැර අනෙක් රටවල්වලට සිදුකළ අපනයනයන්ද 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සියයට 10.13 කින් වර්ධනය වෙමින් ඉන් ලැබූ අදායම ඩොලර් මිලියන 778.4 දක්වා ඉහළ ගොස් ඇති බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2022 වසරේදී ඩොලර් බිලියන 5.6 ක් ලෙසත්, 2020 වසරේදී ඩොලර් බිලියන 5 ක් ලෙසත්, 2019 වසරේදී ඩොලර් බිලියන 5.3 ක් ලෙසත් සඳහන් විය. 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම වර්ධනයක් පෙන්නුම් කළත් 2022 වසර සාපේක්ෂව එය පහළ යෑමකි.
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇඟලුම් අපනයනයට හොඳ කලක්