IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ආහාර සුරක්ෂිතතාවයට කමිටුවක් පිහිටුවයි

(අංජුල මහික වීරරත්න)

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබා දීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියෙකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීම රජයේ ප්‍රධාන අරමුණකි. 

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ඒ සඳහා ක්‍රියාමාර්ග රැසක් යෝජනා කර ඇති අතර, රට තුළ නිෂ්පාදනය කළ හැකි සියලුම ආහාර දේශීයව නිෂ්පාදනය කිරීම, අවම වශයෙන් මාස 3 කට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය ආහාර ස්වාරක්ෂක තොග පවත්වා ගැනීම, රටේ පවතින ආහාර තොග පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ඉවහල් වන නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, තොග හා සිල්ලර වෙළෙඳාම යන ක්‍රියා වලින් සඳහා පෞද්ගලික අංශයේ ද සහභාගීත්වය ලබා ගනිමින් ඵලදායි වැඩසටහනක් සකස් කර ක්‍රියාත්මක කිරීම ඒ අතුරින් ප්‍රමුඛ කාර්යයන් වශයෙන් හඳුනාගනු ලැබ ඇත.

එම කාර්යයන් සඳහා ඉහළ අවධානයක් යොමු කිරීම මෙන්ම ආයතනික සම්බන්ධී කරණය කාර්යක්ෂම කිරීම සඳහා ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතා සහ ආරක්ෂිතතා වැඩසටහන ජනාධිපති කාර්යාලය මඟින් සම්බන්ධීකරණය කිරීමට තීරණය කරනු ලැබ ඇත. 

ඒ අනුව, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා සම්බන්ධිත සියලුම ආයතනයන්හි සහභාගීත්වය සහිත, දත්ත හා තොරතුරු මත පදනම් වූ විද්‍යාත්මක විශ්ලේෂණයන් තුළින් ප්‍රතිපත්තිමය මගපෙන්වීම ලබා දීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමතිගේ සම සභාපතිත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අනෙකුත් අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව " ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව " ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම පිණිස  ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

 

 



අදහස් (1)

ආහාර සුරක්ෂිතතාවයට කමිටුවක් පිහිටුවයි

charith Tuesday, 10 December 2024 12:21 PM

ඔන්න කරනවනම්....පලවෙනියට කිරිපිටි, දෙවෙනියට දියර කිරි වල ප්‍රමිතිය පරීක්ෂා කරලා ජනතාවට කියන්න........

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site