(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සදහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අනුකමිටුවක් පත්කිරීමට  කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික  සභා අනු කමිටුවේදී ඊයේ (10) තීරණය විය.

එම  කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (10) රැස්විය.

‍කෘෂිකර්ම  සහ ධීවර  අමාත්‍යාංශ මෙන්ම එම අමාත්‍යාංශ යටතේ ඇති අනෙකුත් ආයතනවල නිලධාරීහු  මෙම රැස්වීමට කැඳවනු ලැබ සිටියහ.

ආහාර සුරක්ෂිතතාවට අදාළ ඉලක්ක සපුරා ගැනීමට පවතින බාධා සහ ප්‍රතිපත්තිීන් වෙනස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් මූලික යෝජනා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.