IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආහාර කමිටුව රැස්වෙයි

(අංජුල මහික වීරරත්න)

සිංහල හා හින්දු අලුත් අවුරුදු කාල සීමාවේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම හා එම භාණ්ඩ මිල පාලනයක් සහිතව තබා ගත යුතු බව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව අද (10)තීරණය කළේය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී මෙම කමිටුව  රැස්විය.

වී මිලදී ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර මෝල් හිමියන්ට ලබා දී තිබෙන ණය පහසුම් යටතේ මිලදී  ගන්නා වී ප්‍රමාණය පිළිබඳ  පසුවිපරමක් සිදු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි .  

අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට සහන මිලට ලබා දීමට සමූපකාර හා සතොස ජාලය පුළුල් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වූ අතර, මිල පාලනයක් ඇති කරමින් පාරිභෝගික හිතකර වෙළඳපොළක් ඇති කිරීමට ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා විය.

රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කමිටු සාමාජිකයින්ට උපදෙස් දුන්නේය.

ඒ අනුව, ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ ඒ සඳහා නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

සියලු පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම මෙම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණ වේ. 

අග්‍රාමාත්‍ය ලේකම්  ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහත්වරුන්ද, අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

ආහාර කමිටුව රැස්වෙයි

sunil Tuesday, 11 February 2025 06:08 AM

සාකච්චාව යන ගමන් ඇතැම් සාමාජිකයින් මොබයිල් එක බලනවා. මේකෙන් කියන්නේ අවශ්‍ය අවධානය නොයොදන එකද? දේශපාලකයින් ජනවරමට අනුව වියදම් අවම කිරීම සහ නාස්තිය අවම කිරීම පිලිබඳ ආදර්ශය දී උනන්දුවෙන් කටයුතු කලත් , නිලධාරින් පරණ එන්ජින් එකේම රෝද හැටියට ක්‍රියා කරන එකද?

:       0       0

Kazi Shajahan Tuesday, 11 February 2025 08:58 AM

ගොඩක් කතා විතරයි වැඩක් නම් ඇත්තෙම නෑ .. බලමුකෝ අලුත් අවුරුදු දවස් වලට හාල් බිත්තර මස් ගෑස් තියෙයිද කියලා අඩුවක් නැතුව සාධාරණ මිලකට

:       7       6

Asela Tuesday, 11 February 2025 09:56 AM

මම කලිනුත් කිව්වා වගේ පට්ට මෝඩයෝ තමයි ආණ්ඩුව කරන්නේ. අපට අසන්නට ලැබෙන්නේ පසුගිය නිදහසට කරුණු පමණි.

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site