
(යොහාන් භාසුර)
ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
අලුත් පළතුරු, අලුත් මාළු, කුකුළු මස්, එළවළු, බිත්තර, මුං ඇට, සීනි, මිරිස් කුඩු සහ අර්තාපල් යන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීමක් නොවැම්බර් මස ප්‍රදර්ශනය වූ බවත් පොල්, බි ලූණු, සහල්, පොල් තෙල්, දෙහි, රතු ලූණු සහ අමුමිරිස් යන ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් තිබූ බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔක්තෝබර් මාසයේ පැවැති සියයට 1.3 ක උද්ධමනය සිට නොවැම්බර් මාසයේ සියයට 0.0 ක් දක්වා අඩු වූ බවත් ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේ සියයට සෘණ 2.3 සිට නොවැම්බර් මාසයේ සියයට සෘණ 3.1 දක්වා අඩු වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයකට අනුව නොවැම්බර් මස උද්ධමනය සියයට සණ 1.7 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
පසුගිය වසරේ (2024) ඔක්තෝබර් මාසයේ උද්ධමනය සියයට සෘණ 0.7 ක් ලෙස වාර්තා වූ බවත් නොවැම්බර් මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ සියයට 0.0 ක සහ ආහාර නොවන කාණ්ඩයේ සියයට සෘණ 1.7 ක දායකත්වයක් පිළිවෙළින් ලැබී ඇති බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළ විට, 2024 ඔක්තෝබර් මාසයේ 202.1 ක් වූ දර්ශකාංකය නොවැම්බර් මාසයේදී 202.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කියන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේ දර්ශකාංකය 0.3ක වැඩිවීමක් එනම් 0.16 ක ප්‍රතිශතාංක වැඩිවීමක් පෙන්නුම් කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මාසික වෙනස්වීම සඳහා ආහාර කාණ්ඩය සියයට 0.18 ක වැඩිවීමක් සහ ආහාර නොවන කාණ්ඩය සියයට 0.02 ක අඩුවීමක් ලෙස දායකත්වය සපයා ඇති බවත් නොවැම්බර් මාසයේ ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය අඩුවීම සඳහා ‘ගෘහ උපකරණ, ගෘහ ඒකක නඩත්තු කටයුතු සහ මධ්‍යසාර පාන වර්ග, දුම්කොළ සහ මත්ද්‍රව්‍ය (පුවක්) යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල අඩුවීම ප්‍රධාන වශයෙන් බලපා ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.
රෙදිපිළි සහ පාවහන් (රෙදිපිළි) යන කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිලෙහි වැඩිවීමක් වාර්තා වෙමින් සෞඛ්‍ය, ප්‍රවාහන, සහ විවිධ භාණ්ඩ සහ සේවා යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිලේ ඉතා සුළු වැඩිවිමක් වාර්තා වී බවත් ආපනශාලා සහ හෝටල් යන කාණ්ඩයට අයත් අයිතමයන්ගේ මිලේ ඉතා සුළු අඩුවීමක් වාර්තා වී ඇති බව කියන එම දෙපාර්තමේන්තුව නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, සන්නිවේදන, විනෝදාත්මක, සංස්කෘතික සහ අධ්‍යාපන යන කාණ්ඩවලට අයත් අයිතමයන්ගේ මිල නොවැම්බර් මාසය පුරා නොවෙනස්ව පැවති බව ද සඳහන් කරයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලක්ෂ්‍යමය වෙනස්වීම් පදනම්ව නිතර මිල උච්ඡාවචනය වන ආහාර වර්ග, බලශක්ති සහ ප්‍රවාහන අයිතමයන් ඉවත් කිරීමෙන් පිළිබිඹු වන යටිදැරි උද්ධමනය ඔක්තෝබර් මාසයේ සියයට 1.7 සිට නොවැම්බර් මාසයේදී සියයට 1.5 ක් දක්වා අඩුවී ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආහාර උද්ධමනය අඩුවුණේ ආහාර රැසක මිල අඩුවීමෙන්ලු
ගුණරත්න Wednesday, 01 January 2025 01:06 PM
මේ කොහේ තියෙන රටක්ද? අපේ ශ්‍රී ලංකාවේ නම් දැන් ලොකු ආහාර උද්ධමනයක් තියෙනවා.
මෝඩයා Wednesday, 01 January 2025 01:19 PM
නාග ලෝකයේ නම් අඩු ඇති... මෙහි නම් දිනපතා බඩුමිල ඉහළ යනවා.
දිමුත් Wednesday, 01 January 2025 04:33 PM
මොන රටේද හැබෑවටම? ඔය මහත්තුරු ළඟදී පොලේ ගියේ නැද්ද?