
(අංජුල මහික වීරරත්න)
ආසියා කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලාංකීය කාන්තාව ඉදිරියෙන් සිටින බවත් එම තත්ත්වය තවදුරටත් පුළුල් කර ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” ඒ සඳහා පිටිවහලක් වනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සාර්ක් සංවිධානය තුළ කාන්තා අයිතිවාසිකම් පිළිබඳව සඳහන්ව නැති බැවින් එම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සාර්ක් රටවල ප්‍රධාන කාන්තා ක්‍රියාකාරිනියන්ගේ රැස්වීමක් මේ වසර තුළ මෙරට දී පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගත යුතු බව ද අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය අමතමිනි.
“ඇය දැයේ අභිමානයයි” යන තේමාව යටතේ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය විසින් “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය” සහ “කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම” මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූවාය. “2023 ජාත්‍යන්තර කාන්තා දිනය” වෙනුවෙන් අභිමානවත් හා දීප්තිමත් කාන්තා චරිත සඳහා සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු අතර එහිදී ආචාර්ය සුජාතා අත්තනායක, කලාශූරී ශ්‍රියානි අමරසේන, අනුල ද සිල්වා සහ රශ්මි නිමේෂා ගුණවර්ධන යන මහත්මීහු සම්මාන ලැබූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කියන්නේම ඇත්ත.... දරුවෝ සමග සියදිවි නසාගන්නා කාන්තාවන්ගෙන් ඉදිරියෙන්ම ඉන්නේ ලංකාවේ කාන්තාවන්…
ලෝකයේ දියුණු රටවල මෙන් කාන්තා අයිතිවාසිකම් දිනා දීමට කටයුතු කරන අතරම පාර්ලිමේන්තුව සහ රාජ්‍ය ආයතන තුළ ඉහල තනතුරු සඳහා කාන්තා නියෝජනය වැඩිකළ යුතුවේ..
සහතික ඇත්ත ! දැන් කාන්තාවන් මිරිස් කොටන්නත් භාවිතා කරනවලු නේද?
රනිල් ඉන්නකල් ලංකාවේ කාන්තාවන් පෙරමුණේ. කාන්තාවන්ට භය නැතිව ඕනි ගනුදෙනුවක් කරන්න පුලුවන් ජනපති කෙනෙක්.
මෙයා කට ඇරියොත් කියන්නේ බොරු
ඔය ටිකක් ගම පැත්තට ගිහින් බලන්න එදිනෙදාට කන්න වත් නැතුව ඉදිරියෙන්ම ඉන්න කාන්තාවෝ කොච්චර ඉන්නවද කියලා. ඔය හොඳට සාරි ඔසරි ඇඳලා ඉන්න ටවුමේ නෝනලා වගේ නෙමෙයි ඒ මිනිස්සු.
ආසියාවේ ආස්ච්රියයේම තවත් කෑල්ලක් මේක. පහුගිය දවසක අද්යාපන ඇමති තුමා පාර්ලිමේන්තුවේදීම මේක ඔප්පුකරලා පෙන්නුවා. හරිම ලස්සනයි.
මල්වතු අස්සෙ නාටක රන්ගපාන කාන්තාවන්ට ඉහල තැනක් දෙන එකම රට අපේ රටයි.
ජනවරමක් නැති කාලකන්නි දේශපාලුවො..එකෙ අයිතියත් මුන් අරගෙන. දැන් පිදුරු ගස් වලත් එල්ලෙනව.
ඔය ඉන්නෙ සුදු පාට සාරියක් ඇඳගෙන ආසියවෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනා..... ඔන්න ලන්කවෙ පර්ලිමෙන්ටුවෙ කාන්තා නියොජනය.... හිතගන්න පුලුවන්නෙ?..
ඇයි සමනලී
දැන් ප්‍රියසාද් වගේ අයත් ඉන්නේ ලංකාවේ විතරයි...
හොඳ වෙලාවටයි ජපානේ, සිංගප්පුරුව, දකුණු කොරියාව ආසියාවේ කොටස් නොවුණේ...
පින් ජනපතියා ඔය කියනවා ඇත්තේ දේශපාලුවන්ගේ ගෑනු ගැන හිතලා. ඒ උදවිය නම් දූෂිත බලලෝභී දේශපාලුවන්ගේ පිහිටෙන් වැජඹෙන බව නම් දන්නවා. ලංකාවේ කාන්තාවන් මැද පෙරදිග වහල් සේවයට ගිහින් අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. අනික් අතට දරාගන්න බැරි ජීවන වියදම නිසා තවත් අසරණ වෙලා.
අර මැදපෙරදිග "කප් ගහලා" ඉන්න ශ්‍රී ලාංකික කාන්තාවන්ට සම්මාන නොදෙන්නේ ඇයි? දහදුක් විඳගෙන මේ රටට විදේශ විනිමය එවන නිසාද? ඔවුන් එවන විදේශ මුදලට නිසි රුපියල් වටිනාකමවත් නොදෙන්න, ලංකාවේ මහලොකු රුපියල ශක්තිමත් කියාගෙන බොරු කරන එකද ඔවුන්ට පුදන සම්මානේ? ඒ කාන්තාවන් කරදරයකට වැටුණාම ඒ රටවල තානාපති කාර්යාල වලින් නම් ලාංකික කතුන්ට හොඳ හොඳ සම්මාන දෙනවා කියලා නම් අපට ආරංචියි. කාන්තාවන් මැදපෙරදිගට විකුණාගෙන කන ලාංකික පිම්පියන් තව ලැජ්ජා නැතිව කාන්තාවන්ට සම්මානත් දෙනවා... ලැජ්ජයි..!!!
අඩුගානේ අටවත් පාස් ඇති කෙනෙක් ඔය දොඩවන්නේ...!
ආසියාවේ ඉදිරියෙන්ම ඉන්නේ ලාංකික කාන්තාවලු, ලෝකයේ දැනට නැගි එන ශක්තිමත්ම මුදල් ඒකකය ලංකා රුපියලලු, ශක්තිමත්ම රාජ්‍ය සේවය තියෙන්නෙත් ලංකාවේලු, ලෝකයේ හොඳම නිදහස් අධ්‍යාපනය තිබෙන්නෙත් ලංකාවේලු, තව තව... ඒත් අනේ ඉතින් අර තෙල්ටික ගෙන්වන්න මේ මොනවත් නැති බංගලාදේශයෙන් ණයට ගත්තු ඩොලර් මිලියන 200 තාම පියවගන්න බැහැ. මෙහෙම ගිහිං ලෝකයේ හොඳම ණය හිමියා වෙලාම නවතිමු.