
(ජනූර් කිචිලාන්)
චීන රජයේ ආධාර මත 1970 දශකයේ වී අලෙවි මණ්ඩලය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙටිට්‍රික් ටොන් 14000 ක් ගබඩා කල හැකි ආසියාවේ විශාලතම වී ගබඩා සංකීර්ණය මේ වන විට කැලයෙන් යටවි කෝටි ගණනක දේපල විනාශ වෙමින් පවතින බව ප‍්‍රදේශවාසිහු පවසති.
ගල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයේ ඇහැටුවැව ගොජරාගම ප‍්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම වී ගබඩා සංකීර්ණය එවකට මෙරට අගමැතිනිය වු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් විවෘත කර ඇත.
අක්කර 5 ක පමණ භූමි ප‍්‍රමාණයක පිහිටා ඇති මෙම වී ගබඩා සංකීර්ණය තුළ අඩි 80 ක් පමණ උසකින් සහ විෂ්කම්භය අඩි 30 ක් පමණ වූ විශාල සිලින්ඩරාකාර බහාලූම් 14ක් ද අඩි 30ක් පමණ උසකින් සහ විෂ්කම්භය අඩි 10ක් පමණ වූ කුඩා සිලින්ඩරාකාර බහාලූම් 9ක් ද වී තැම්බීම සහ වී කෙටීමේ යන්ත‍්‍ර සහ සහල් ගබඩා කිරීම සදහා ගොඩනැගිල්ලක්ද, නේවාසිකාගාරයක් ද, වී ගබඩාව පවත්වාගෙන යාම සදහා කාර්යාල ගොඩනැගිල්ලක් මෙන්ම උක්ත බහාලූම් වල ගබඩා කිරීමට නොහැකි වී ගබඩා කිරීම සදහා අඩි 60 ක පමණ දිගකින් යුත් තහඩු වලින් නිම කරන ලද ගොඩනැගිල්ලක්ද මෙම සංකීර්ණය තුල පවතී.

;
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියාවේ විශාලම වී ගබඩාව කැලයට ගිහින්
Chinthaka Tuesday, 17 December 2024 03:04 PM
ආහාර දෙපාර්තමේන්තුවට හෝ එම ප්‍රදේශයේ ගොවීන්ගේ සංවිධානයකට පැවරීමක් කර මූලික පිරිවැයක් රජයෙන් ලබා දී සංවර්ධනය කලොත් තියෙනවා කියන හාල් ඒකාධිකාරයට තරගයක් දෙන්න පුලුවන් වේවි.
Kamal Koyrala Tuesday, 17 December 2024 04:23 PM
මේවට තමයි වත්ත බද්දට දී පොලොන්නරුවට දත නියවනවා කියන්නේ. 70 කාලේ හාල් සේරුවට සමූපකාරේ පෝලිමේ ඉන්න දණිස් පණ නැති වුණ ජාතියක නෂ්ඨාවශේෂ තමයි මේ...
විදුර Tuesday, 17 December 2024 04:36 PM
සපුගස්කන්දේ තියනවා යූරියා පොහොර හදන්න පුළුවන් කර්මාන්ත ශාලාවක්. මේ වගේ ඒවා අලුත්වැඩියා කරලා පාවිච්චි කරන්න පුළුවන් .
Dasa P Tuesday, 17 December 2024 06:09 PM
මේවාට තනිකර්මා වගකියන්න ඕනේ දේශපාලකයින්ටත් වඩා ඔය අමාත්‍යංශවල රාජකාරී කරපු නිලධාරී පැලැන්තිය
pj Wednesday, 18 December 2024 03:42 AM
කඩාකප්පල්කරුවන් බලයේ සිටන බැවින් මෙවැනි ව්‍යාපෘතිවලින් පහසුවෙන් පල නෙලා ගත නොහැකිවනු ඇත.
sam Wednesday, 18 December 2024 07:59 AM
ජේ.ආර්, චන්ද්‍රිකා, ජොලි සීයා, මයිනා, හිටන් ඔක්කොම මේවට වග කියන්න ඕනේ.
රුවන් Wednesday, 18 December 2024 12:09 PM
ලංකාවේ කොච්චර සම්පත් තියෙනවද? ඇයි රට දියුණු කරන්න කැමැති නැත්තේ...?
සිසිර kumara Sunday, 22 December 2024 08:51 PM
නව රජයෙන් මේ පිළිබඳව අවධානය යොමු කර ප්‍රයෝජන ගත්ත හැකි තත්ත්වයට පත් කළොත් එය රටට මහත් වූ ප්‍රයෝජනයක් වේවි