(යොහාන් භාසුර)
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පාකිස්තානයේ, මුල්ටාන්හිදී අද (30) පැවැති පළමු තරගයේදී පාකිස්තානු ක්‍රීඩකයෝ ලකුණු 238 කින් නේපාලය පරාජය කිරීමට සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 343 ක ඉලක්කය හඹාගිය නේපාල පිල ඕවර 23.4 කදී ලකුණු 104 කට සීමාවිය.
නායක බාබර් අසාම් (151) සහ ඉෆ්තිකාර් අහ්මඩ් (නොදැවී 109) පස්වැනි කඩුල්ලට ලකුණු 214 වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය ලකුණු 342 ක් දක්වා ගෙන ඒමට සමත් වූහ.
බාබර් අසාම් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 131 කින් හතරේ පහර 14 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 151 ක් රැස්කළේය.
ඉෆ්තිකාර් අහ්මඩ් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 71 කට පමණක් පහර දෙමින් හතරේ පහර 11 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස්කිරීමට සමත් විය.
මෙවර තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර, පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (31) පැවැත්වේ.
පාකිස්තානු පිල ඕවර 50 යේදී කඩුලු 6 ට 342 (බාබර් අසාම් 151, මොහොමඩ් රිස්වාන් 44, ඉෆ්තිකාර් අහ්මඩ් නොදැවී 109, සොම්පාල් කමී 85/2) නේපාල පිල ඕවර 23.4 කදී සියලු දෙනා දැවී 104 (අරීන් ශෙයික් 26, සොම්පාල් කමී 28, ෂහීන් ෂා අෆ්රිඩි 27/2, ෂදාබ් ඛාන් 27/4)
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු කුසලානයේ පළමු තරගයෙන්
Prabash Thursday, 31 August 2023 11:00 AM
නේපාලය හොඳටම කරලා තියනවා .උන්ට රජ මගුල්