ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 11 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 56 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කොහේ අයද කියලා දැන් කියන්නේ නැත්තේ ඇයි?
ලෝකයේ වෙනත් රටවල කොරෝනා පැතිරීම හා සංසන්දනය කිරීමේදී ලංකාවේ තියෙන්නේ වෙනස්ම ආකාරයක් (පැටර්න් එකක්). දැනට බොහෝ රටවල පනවා ඇති නීතිවලට වඩා ඉතාම ඉහල නීතියක් ලෙස සැලකිය හැකි ඇඳිරි නීතිය පනවා, සති දෙකක් වෙද්දීත් රෝගය පැතිරීමේ වේගයේ විශේෂිත අඩුවක් හෝ වැඩියක් දකින්නට නැහැ. ඇඳිරි නීතියටත් වඩා ප්‍රතිඵල දෙන වෙනත් නීතියක් (යුද්ධ නීතිය මේකට යොදාගන වැඩක් නැහැ) නොමැති කල මේ ආකාරයට තව කොපමණ කලක් ඇඳිරි නීතිය පවත්වා ගත හැකිද කියන එකත්, එයින් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙයිද කියන එකත් දේශපාලන පාට කණ්ණාඩි තුළින් නොව සෞඛ්‍යමය හා මානුෂීය කෝණයකින් බැලිය යුතුයි. ඒ වාගේම දිනකට වෛරස් පරීක්ෂණ 250-300 පමණක් සිදුකර එයින් ලැබෙන ප්‍රතිඵල මත පුරෝකථනය කිරීමත්, වෛද්‍ය සංගම් එකිනෙකාට චෝදනා කරගනිමින්, එකිනෙකට විරුද්ධ මත සමාජගත කරමින්, තම පැවැත්ම තහවුරු කර ගැනීමේ උත්සාහයක නිරත වෙනවා මිස, මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීවත් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කර මේ ව්‍යවසනයෙන් ගැලවෙන මගක් මහජනතාවට ලබා නොදීමත් අපේ රටේ අවාසනාවක්...
දැන් තමයි රෝග ලක්ෂණ නැති අයට පවා අපේ රටේ පරීක්ෂණ කරන්න පටන් අරන් තියෙන්නේ, එ්ක හින්දා ඉදිරියේදී හඳුනාගන්න රෝගීන් ගණන ඉතා වැඩි වේවි..