IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


“ආසාදිතයන් වැඩි වුණොත් යළි සංචරණ සීමා පනවන්න වෙයි’’

(සුජිත් හේවාජුලිගේ )

ආසාදිතයන් සංඛ්‍යාව  වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව  සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය

ජනතාව වගකීමකින් තොරව හැසිරෙනවා නම් අකමැත්තෙන් වුවත්  නැවත සීමාවන් පැනවීමට සිදුවන බව පැවසූ  අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝගය  පැතිරෙන ආකාරයට පැවැත්වුණු   උත්සව, සාද ,මංගල  කිහිපයක්  වාර්තාව වූ බවද  සඳහන් කළේය 



අදහස් (9)

“ආසාදිතයන් වැඩි වුණොත් යළි සංචරණ සීමා පනවන්න වෙයි’’

Bandara Sunday, 07 November 2021 09:13 AM

දැන් හොඳටම විහිළු කලා ඇති දොස්තර මහත්තයෝ. ඔයාලා ඇතුළු රජයේ සේවකයන්ට වැඩ කලත් නොකලත් ආණ්ඩුව සල්ලි අච්චු ගගහා හරි පඩි ගෙවනවා. මේ රටේ වැඩිපුර ඉන්නේ දවස් පඩියට වැඩ කරන, ස්වයං රැකියා කරන, පොඩි කඩ කරන මිනිස්සු. විශාල කම්පණි කීපය ඇරුණාම පෞද්ගලික අංශයේ ආයතන ගොඩක් දුවන්නේ රිම්වලින්. ආයි පාරක් එක එක සීමාවන්, නීති දානවා කියන්නේ කබලට වැටිලා ඉන්න මිනිස්සු ලිපට වැටිලා පිච්චිලා අළු වෙලා යන එක. ඒ හින්දා රටේ මිනිස්සු දැන්වත් කොරෝනා එක්ක ජීවත් වෙන්නේ පුළුවන් වැඩසටහනක් හදන්න.

:       0       1

Sriland Sunday, 07 November 2021 11:51 AM

රට කන්න එපා... කොරෝනා කියන්නේ තනිකරම ගේමක්... ජාවාරමක්...

:       4       2

ඉන්දික Sunday, 07 November 2021 11:57 AM

මංගල උත්සව සංවිධායකයෝ, ඒවගේ සින්දු කියන කට්ටිය, හෝටල් අයිතිකාරයෝ, සනසන්න නීති ලිහිල් කළා.. දැන් කෑගහනවා ලෙඩ්ඩු වාර්තා වෙනවා වැඩියි කියලා.. මේක හෝද හෝදා මඩේ දාන කොරෝනා මර්දනයක් ... අනික මේ තියන නීති තදින් ක්‍රියාත්මක කළා නම් මේක වැඩි වෙන්නේ නෑ.. බස් වල, කොච්චි වල සෙනග පටවන් යන ඒවා බලන්න කවුරුත් නෑ. කාර්යාලවල සේවකයෝ පිරිලා, එකට කෑම කනවා, ට්‍රිප් යනවා... ඒවා බලන්න නෑ... ඉස්පිරිතාල වල දිග පොළිම්... කඩවල් පිරිලා. මිනිස්සුන්ට ඕන විදිහට පිස්සු කෙලින්න ඉඩදීලා අන්තිමට මිනිස්සුන්ට බනින පිස්සු නිලධාරීන්, බලධාරීන් ඉන්න රටක් මේක...

:       2       8

Buddika Sunday, 07 November 2021 03:26 PM

සංචරණ සීමා කොහෙද තිබ්බේ...? මිනිස්සු රට වටේ ගියා. ඇඳිරි නීතිය විහිළුවක් වුණා.. මේ ආන්ඩුව සියලුම අංශවලින් අසමත්...

:       2       5

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 November 2021 04:03 PM

බොහෝ වෙළෙන්ඳන් හා සහායකයන් මාස්ක් දමන්නේ බෙල්ලට. පාරේ යන ඇතැම් දෙනාද එහෙමයි. පොලිසිය දුටු විගස මාස්ක් එක මුඛය හා නාසය වැහෙන්න දමනවා. මේ ආකාරයට වෛරසය ව්‍යාප්ත වීමේ ක්‍රම ක්‍රියාත්මක වෙනවා. කොපමණ නීති දැන්මත් රටේ ජනතාව ඒවා හරිහැටි ක්‍රියාත්මක කිරීම නොකරන්නේ නම් ඉන් ඵලක් නොවේ.

:       2       9

SalindaSunday, 07 November 2021 05:23 PM

ඒ අය විතරයිද වගකීමක් නැතුව හැසිරෙන්නේ? වැදිබණ කියනවාට වැඩිය පුරවැසියෙක් විදියට තමන්ගේ වගකීම තමන් කරන්න පුරුදු වෙන්න මහත්මයා...

:       4       4

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 07 November 2021 07:28 PM

ඒ අය විතරක් නොවන බව අනිත් අය ලියූ දේවල් වලින් ඔබතුමාට බලාගන්න පුළුවන්.හැමෝම එකම දේ නැවත ලියන්න ඕනේ නැහැ.අපේ යුතුකම අප කරනවා.කව්ද වැදි බණ කියන්නේ ... මා පවසා ඇති සත්‍ය දේ හරිහැටි වැටහෙන්නේ නැත්තේ, ඔබතුමාගේ බුද්ධියේ කිසියම් අඩුපාඩුවක් ඇති නිසා යැයි හැඟේ.අනුන් ලියන දේට ඇඟිලි ගහන්නට ප්‍රථම, කාටත් යමක් ඉගෙනගන්න තමන්ගේ කියා යමක් ලිවීමට එඩිතර වන්න.

:       0       3

විපරමා Sunday, 07 November 2021 06:46 PM

මොන දේ කිව්වත් වැඩක් නැහැ. තමුන්ගේ ආරක්ෂාව තමුන්ම සලසා ගන්නවා හැරෙන්ඩ ?

:       0       0

Demuni Uduwara Monday, 08 November 2021 02:08 AM

උත්සව පවත්වන පාලකයින්ට කියන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site