(නිමල් ජයරත්න)
කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය හේතුවෙන් සිදු වු පස්වැනි පුද්ගලයාගේ සිරුරෙහි අදාහන කටයුතු හමුදා හා පොලිස් අරක්ෂාව යටතේ අරලංගවිල විජයබාපුර පිහිටි දිඹුලාගල ප‍්‍රාදේශිය සභාවට අයත් ආදාහනාගාරයෙදි සෞඛ්‍ය අංශ වල සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
මිය ගිය පුදුගලයා අංක 813/02 ගැමුණු මාවත අතුරුගිරිය හෝමාගම ප‍්‍රදේශයේ පදිංචි 44 වියැති පුද්ගලයෙකි.
ඔහු ඉතාලියේ සිට පැමිණ වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටියදි ඇති වු කොරෝනා රෝගය නිසා වැලකන්ද කොවිඞ් 19 විශේෂිත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව සදහන්.
මෙම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතින් කිහිප දෙනෙකුද සහභාගි වී දේහයට අවසන් ගෞරවය දැක්විමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අවස්ථාව ලබා දුන්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්න වෙයි වගේ... මෙම නිරෝගී වයස අඩු පුද්ගලයාගේ මරණින් පසුව හිතෙනවා.
මේ අර ගුවන්තොටුපලේ කලබල කල පුද්ගලයාද ?
මම මෙහෙම කීවාට කවුරුවත් වරදවා හිතන්න එපා. ඔය නිරෝධයනය මද්‍යස්ථාන වලදී රෝගියකුගෙන් තවත් නිරෝගී නිරෝධයනයේ ඉන්න කෙනකුට රෝගය බෝවෙන්න බැරිද.