IMG-LOGO

ආංශික කාරක සභාවලට තරුණ නියෝජිතයෝ 85ක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කිරීමට නියමිත ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා තරුණ නියෝජිතයන් 85 දෙනකු පත්කර ගැනීමට  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අයදුම්පත් කැඳවනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළව මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීමට නියමිතය.

සෑම අධීක්ෂණ කාරක සභාවක් සඳහා තරුණ නියෝජිතයන් පස් දෙනකු පත් කර ගැනීමට අනුමැතිය ලැබී ඇත.

මේ සඳහා ඉදිරිපත් වන අයදුම්කරුවන්ට එම  කාරක සභා විෂයයන් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් , වෘත්තීමය පළපුරුද්දක් සහ  නිපුණතාවක් තිබිය යුතු බවත්  අයදුම්කරුවන් අයදුම්පත් බාරගන්නා අවසන් දිනට වයස අවුරුදු 18 ට නොඅඩු සහ 35 ට නොවැඩි විය යුතු බවත්  පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කරයි.

අයදුම්පත් අධ්‍යාපන, වෘත්තීය සුදුසුකම් හා පළපුරුද්ද පිළිබඳ සහතිකවල පිටපත්ද සමග 2023 ජනවාරි 09 දින හෝ ඊට පෙර ලැබෙන සේ  “පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව  පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.



අදහස් (0)

ආංශික කාරක සභාවලට තරුණ නියෝජිතයෝ 85ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 92 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site