(අජන්ත කුමාර අගලකඩ)
ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා පත් කර ඇති ආර්ථික උපදේශක සභාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තවත් ව්‍යවසායකයන් දෙදෙනකු පත් කරනු ලැබ ඇත.
හේලීස් සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ සොෆ්ට්ලොජික් ආයතනයේ සභාපති අශෝක පතිරගේ යන මහත්වරු මෙලෙස පත් කරනු ලැබ සිටිති.
රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන්ගෙන් යුත් ආර්ථික සභාවක් පත් කරනු ලැබූ අතර ,ඔවුන්ට උපදෙස් දීම සඳහා උපදේශක සභාවක් ද පසුව පත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එහෙයියන් දෙන්නෙක්.
බැසිල් , කබ්රාල් අයින් කලා නම් ඕව මොකුත් අවශ්‍ය නැහැ. හැබැයි දැන් ප්‍රමාදයි.
ඊට වැඩිය හොඳ නැද්ද සර් ඔයා අයින් වෙලා ඔය මුදලාලිල ටිකට රට කරගෙන යන්න බාරදුන්න නම්..
මාවත් පත් කරන්න කෝ.
උපදේශක සභාවට උපදෙස් දෙන්න තව සභාවක් පත්කරොත් නරකද?
පත් කරන ම්නිස්සු දැක්කාම පේනවා මේ පුද්ගලයාට උගතුන් කෙරෙහි ඇති බිය. සමාගමක් රන් කල පලියට රටක ආර්ථිකය හසුරුවන්න බෑ. වැඩ බැරි මෝඩයෙකුට මොන පරිපාලන හැකියාවක්ද? දැන් ඇති. කරුණාකරලා තවත් වද නොදී ඉල්ලා අස්වන්න.
කල් තිය අර්බුදය දැක්ක හින්දද දැන් මේ පුද්ගලයන් පත් කරන්නේ ? . මේකෙන් ගොඩ එන්න උගත් දැනුමැති පුදලයන් පත් කර ජනතාවට දැන් තත්වය සහ විසදුම් ඉදිරිපත් කරන්න
මේ අශෝක් පතිරගේ මහතා මීට අවුරුද්දකට පෙර නාලිකාවකදී කියා තිබුනා, ඔහු බාරගත්තේ ඉතා අධික ලෙස පාඩු ලබන ආයතනයක් වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමව ලාබ ලබන ආයතනයක් බවට කරන බව කියලත්, එසේ එහම මෙම ආයතන ලාබ ලබන ආයතනයක් බවට පත් කරන්න බැරි නම්, කොව්රුත් කියන්නට පෙර ඔහුම ඉල්ලා අස්වන බවත්. ඇත්තටම එම සාකච්චාව බලන විට, මමත් හිතුවා මැතුමා මෙම ආයතනය ගොඩ දාවි කියල. නමුත් අදටත් ඔහුට මෙම ආයතනය ගොඩ දාන්න බැරි වුනා සහ මෑතකදී පාර්ලිමේන්තු කෝප් කමිටුව හැලි කළා, මැතුමා සභාපති දුරය දරන මෙම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මන්ධල සාමාජිකයෝ සහ සමහර ඉහල නිලධාරීන් මාසිකව රුපියල් ලක්ෂ 40 සිට 80 දක්වා ඉහල වැටුප් ගන්නවා කියල. එක්කෝ මැතුමාට මෙම ආයතනය ගොඩ දාන්න බැහැ. එක්කෝ දුර්වල පාලකයෝ එක්ක මැතුමාට ගොඩ දාන්න බැහැ. එහමනම්, මැතුමාව මෙම ආර්ථික සභාවට පත් කරලා වැඩක් වෙන්න නැහැ. ඒ වගේම මැතුමා එදා පොරුන්දු පරිදි අදටත් ඉල්ලා අස්වෙලාත් නැහැ.
වෙනස් කරන්න ඕන හෝ අළුතින් එකතු කරන්න ඕන උපදෙස් දෙන අය නෙමෙයි, උපදෙස් පිළිපදින අයයි.
ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ
වැඩ බැරි පවුල ඉන්න කිසිම සභාවකින් වැඩක් නෑ. හොර පවුල එලවනකම් අපෙ රටට සෙතක් නෑ.
ඔවුන්ට කුලිය ගෙවන්නේ පුන්නක්කු බාල්දි ගණනින්ද?
රටක ආර්ථික උපදෙස් ලබා ගැනීම සඳහා මුදලාලිලා පත් කරගන්නා නායකයින් ලෝකයේ තවත් ඉන්නවද දන්නේ නැහැ...!
පවුලේ අයගේ ආර්ථික අයිතීන් වෙනුවෙන් මන්දන්නේ නැහැ සහ ඇමැතින් පත් වේවි.
මෙයා ජනාධිපති වෙනකොට අපි හිතුවේ හැම තැනකටම හරි බුද්ධිමත් විශේෂඥ වියතුන් පත්කරලා රට සුපරික්ෂාකාරිව නියම හරිමගට යොමුකරලා මේ රට සුරපුරයක් කරාවි කියලා. ඒත් වැඩ පටන් ගත්තු මුල් දවස්වලම දීපු සමහර බොහෝමයක් තනතුරු පත් කිරීම් දැක්කාම නොදෝමකින් කියලා හිතුණා. දැන් ඉතින් අපිට තේරෙනවා වැඩ කෙරෙන්නේ දවස ගානේ.. ඔහේ ඉබාගාතේ යන ගානට කියන එක. නැතිනම් මේ රටේ ආර්ථිකය ගැන උපදෙස් ගන්න උගතුන් නැතිවද? මේ රටේ ඉන්න එක එක බිස්නස් කාරයින්ව ගෙන්නාගෙන උපදෙස් ගන්නේ? ඒ මිනිස්සු උපදෙස් දෙන්නේ තමන්ගේ බිස්නස් වලට වාසි වෙන විදියට...