
(යොහාන් භාසුර)
ආර්ථික මධ්‍යස්ථාන 18 ඒකාබද්ධ කර සම්පූර්ණ කොටස් අයිතිය මහ භාණ්ඩාගාරයට ඇති රාජ්‍ය සමාගමක් පිහිටුවන බවත් ආර්ථික මධ්‍යස්ථාන කිසිඳු ආකාරයකින් පෞද්ගලීකරණය නොකරන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) ‘ලංකාදීප’යට පැවසීය.
ආර්ථික මධ්‍යස්ථාන පිළිබඳව උද්ගතව ඇති ගැටලුව පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එසේ පැවසීය.
ආර්ථික මධ්‍යස්ථානවල අයිතිය පිළිබඳව පවතින ගැටලු සහ පරිපාලන ගැටලු විසඳා කාර්යක්‍ෂම සේවාවක් සැපයීම මෙම ඒකාබද්ධ කිරීමෙන් බලාපොරොත්තු වන බවත් ආර්ථික මධ්‍යස්ථාවල වෙළෙඳ සංගම් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වැඩපිළිවෙළ නිවැරදිව තේරුම් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා කීය.
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ අයිති දුම්රිය දෙපාර්තමේන්තුවට ද, තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අයිති මහවැලි අධිකාරියට ද, බොරලැස්ගමුව ආර්ථික මධ්‍යස්ථානයේ අයිති සමූපකාරයට ලෙස අයිතිය පිළිබඳව ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් අමාත්‍යංශ කීපයක් එකතුව මෙම කාර්ය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව මෙම ආර්ථික මධ්‍යස්ථාන 18 ඒකාබද්ධ කර ‘ජාතික ආර්ථික මධ්‍යස්ථාන’ ලෙස එක ආයතනයක් යටතට ගෙන රාජ්‍ය සමාගම අයිතාකාරිවය පත්කරන බව කී අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වර්තමානය වන විට මෙරට ක්‍රියාකාරී ආර්ථික මධ්‍යස්ථාන 14 ක් ඇති අතර ආර්ථික මධ්‍යස්ථාන 4 ක් තවමත් ආරම්භ කර නොමැති බව ද සඳහන් කළේය.
ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල අයිතිකරුවන් සොයමින් සිටින බවත් සියලුම ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳ සංගම් සියල්ල අමාත්‍යංශයට කැඳවා පැය දෙකකට අධික කාලයක් දැනුවත් කළත් ඔවුන් නිවැරදිව තේරුම් ගෙන නැති බවක් පෙණෙන්නට ඇති බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පැත්තේ හැම ජාතියේම හාල් දැන් 240 ට වැඩි , මිල පාලනයට මොකද උ නේ ? අර ගබඩා සුද්ද කරලා කොරපු දෙයක් තියනවාද ?
මේ කියලා තියෙන දේ තේරුම දන්නේ නැතිව සමහරු වෙන දේවල් අහනවා. ඕක තමයි ප්‍රශ්නේ...!
මේක මම හිතන්නේ හොඳ මුලපිරීමක්...
පිටරටින් ගෙනත් කිසිම ප්‍රශ්නයක් නැතිව 100-130 දෙන්න පුළුවන් සහල්වලට තිබෙන බදුවලට අමතරව 50% බද්දකුත් ගහල අපට දෙන්නේ 240 පමණ , ගොවියෝ ආරක්ෂා කරන්න කියල දෙන පොහොර සහන්ධර සහ වෙනත් දේවල්වලට අමතරව පාලන මිලවල් දමාගෙන , ඩඩ්ලි , සිරිපාල ගම්ලත් වැනි මහා පරිමාණ හාල් මෝල් කාරයෝ පාරිභෝගිකයා සුරා කනවා , හම්බ කරන වැටුපෙන් බැහැ කෑම බදු ටික ගන්න ,පළාත් සභා ඡන්දෙදි කතිරෙත් ගොවියන්ගෙන් සහ ඩඩ්ලි ගෙන්ම ඉල්ලා ගන්න, රටේ බහුතරය ගොවියෝ නොවේ.