
(සුජිත් හේවාජුලිගේ )
වගා සංග්‍රාමයක් කඩිනමින් අරඹන්නැයි රජයට යෝජනා කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එසේම තම තමන්ගේ ගෙවත්තේ බෝග කිහිපයක් වගා කරන්නැයි වෙළෙඳ අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
සෑම ගෙවත්තකම මිරිස් පැළයක් බටු පැළයක් නිවිති ටිකක් වගා කර ගැනීම වැදගත් බවත් දෙවැනි ලෝක සංග්‍රාමය අවස්ථාවේදීද මෙවැනිම ආහාර අර්බුදයක් ඇති වූ බවත් බන්දුල ගුණවර්ධන මහතා සිහිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමා... ඔබතුමා හොර, වංචාවලට හවූල් වූ බවට මා විශ්වාස නොකරමි. කෙසේවෙතත් සත්‍ය හොඳින් දැනදැනම බොරුකියන එක ගැන කණගාටුයි. දැනට රට තුළ පවතින විදේශ මුදල් හිඟයට නම් කොරෝනා වසංගතයේ බලපෑම 45% ක් සහ දුර්වල ආර්ථික කළමණාකරනය සහ පාලක පක්ෂයේ නෑදෑ හිතවතුන් පිරිසකට වංචා, දූෂණ සිදුකිරීමට අවස්ථාව ලබාදීම තිබීම මගින් ඉතිරි 45% මෙන්ම පොහොර අර්බුදය මඟින් කෘෂි බෝග අපනයනය අඩුවීම මගින් 10%ක බලපෑමක් ඇතිවිය. කෙසේ වෙතත් දැනටමත් ආරම්භ වෙමින් සහ තව මාස 4-5කින් උග්රවන ආහාර අර්බුදයට ප්‍රධානතම හේතුව, එනම් 90% ක්ම හේතුවී ඇත්තේ එක කන්නයෙන් කාබනික ගොවිතැනට රට යොමු කිරීමට ගත් මන්ද බුද්ධික තීරණයයි...
වතුර බිලත් සැරයි මහත්තයෝ... එළවළු කොටුවකට වතුර දැම්මොත් බිල තුන් හතර ගුණයක් වැඩි වෙනවා. දැන් වතුර බිල හදන්නේ ඒකක ක්‍රමයට...
සාගතය, දුර්භික්ෂය ඇති රටක් හැදීමද? ඔබලාගේ බලාපොරොත්තුව... රාජපක්ෂලා කොහොමහරි රට අපායටම ඇදගෙන ගියා...
ඉස්සරවෙලා ගොවීන්ට නිසි ආකාරයට අවශ්‍ය පොහොර ටික දීලා, ඊට පස්සේ ඔය පණ්ඩිත කථා කියන්න. ඔබතුමන්ලා කථාකරන තරමටම රටේ ජනතාවගේ ලේ කුපිත වෙනවා..!
මොකක් දාලද වවන්නේ...? මොනවා සීමාකළත් කෘෂිකාර්මික යෙදවුම් සීමා කරන්නේ පුන්නක්කු කන අය බොල... එනවා මෙතැන විකාර කතා කියාගෙන...
බටු මිරිස් අපි හැමදාම වගාකරනවා... ප්රශ්නය තියෙන්නේ තෙල් සහ පොහොර...
අනේ ජනතාව තවතවත් පීඩාවට පත් නොකර පුළුවන් කණ්ඩායමකට රට බාරදෙන්න.
අනේ ඇමැතිතුමා, ඔහොම කියන්න එපා. අර ලේකම්තුමා වගේ ඔබතුමාත් අස්කරලා දායි..
කෘෂිආර්ථිකය මේ අර්බුදය අස්සේ විනාශ කලේ ජනපති ප්රමුඛ රජය ගත් අදූරදර්ශී කාබනික මේනියාව... ජාතික ව්‍යවසනයකදී රටක් මුලින්ම කල යුතු ආහාර සැපයීම් තහවුරුව... අපේ රජය කළේ ආහාර හිඟය නිර්මාණය. දැන්ම තම අසාර්ථක තීරණය නිවැරදි කර සාමාන්‍ය ලෙස ඉදිරියට ගියොත් ඊළඟ කන්නයේ පටන්වත් රට සාමාන්‍ය අතට යයි. නැතිනම් රජය සහ රට දෙකම ඉවරයි. වැඩි මිලට තිබෙන පොහොර ප්‍රමිතියෙන් තොරයි. මංකොල්ල කෑමක් විතරයි. මේ ජාතික අපරාධයට රජය වගකියන්න ඕනෑ.
මේ ඔක්කොම වින්නැහිය පෝර ගේන එක නවත්තපු එක. පෝර නැතිව වවන්නේ කොහොමද?
වවන්න ඉස්සරවෙලා පෝර දීපල්ලා. තමුන් කියලද මීට කළින් ගොවියෝ වගාකෙරුවේ. ප්‍රායෝගික නැති, කටපාඩම් කරලා උපාධි අරගෙන, මහජන මුදලින් ජීවත්වෙන, මහජනයාටම කෙළවපු නුඹලා ඇතුලු පවුටල් අයට සාපවෙනවා..
කෝ බමුණා... වගාව පටන් ගත්තද? තවත් කඩේ යන අයට තමයි ඉස්සෙල්ලාම හෙණ වදින්න ඕනේ..
බෝක්කු කටවල්වල චිත්‍ර ටිකකුත් අඳින්න කියන්න. එළවළු, වී වගේ බෝගවල....
ආණ්ඩුවත් අකුලගෙන ගෙදර ගිහින් වවන්න. අපි අපේ ප්‍රශ්න ගැන බලාගන්නම්...
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඔය කතාව කියනකොට ඒ මනුස්සයාව එළවලා දැම්මා වගේ මේ උන්නැහේව එළවලා දාන්න කෙනෙක් නැද්ද?
අපේ සර්ගේ අන්තිම තුරුම්පුවත් ගහන්න යන්නේ. ඕකත් වැඩේ අනාගනීද? නාගනීද? මොකද කළින් කරපු එක වැඩක් හරි ගියේ නැහැනේ...
මෙයාලාගේ මුහුණු දකිනකොටත් අප්පිරියයි..
ඔබව වෙළෙඳ ඇමැති කළේ නතාවට පොහොර, කෘෂි රසායන නැතිව වගාකරන හැටි කියා දෙන්නද?