
(අංජුල මහික වීරරත්න)
මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම නිසා මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ යාපනය වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදී ය.
ොයාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව කී ජනාධිපතිවරයා ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික සම්පත් එම පළාතේ පවතින බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කෙනෙක් කිව්වනේ නංගිලාට මාල වලලු, මල්ලිලාට බේස්ලට්, හැමෝටම වොක්ස්වැගන් දෙනවා කියලා...!
කවදාවත් නැතුව හදිසියේ මොලේ පහල වෙලා වගේ මෙයාට..
අර තරුණයන්ට බ්‍රේස්ලට් දෙනවා කිව්වේ මෙයා නෙමෙයිද?දැන් නම් මෙයාට ඩෙමෙන්ෂියා හැදීගෙන එනවද කොහෙද ?මිනිහා කියපුවා මිනිහටම මතක නෑ
බලලෝබී බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ බොරු බේගල් ගහලා ජනතාව ගොනාට අන්දවපු නිසා..ඒ වගේම මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කරපු නිසා,දේසපාලුවෝ තමා මේවට වගකියන්ඩ ඕනේ ?