(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පෙන්වා දුන් ආර්ථික ඝාතකයන්ගේ ප්‍රජා අයිතිය ගැන පාර්ලිමේන්තුවේ මතය කුමක්දැයි සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අයවැය කතාවට නොකී බදු පනවා තිබෙන බව කී හර්ෂ ද සිල්වා මහතා සියලුම සෞඛ්‍ය උපකරණ වලටත් 18% ක වැට් බද්දක් පනවා ඇතැයි කීය.
අය-වැය දෙවැනි දින විවාදය අරඹමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීය.
මේ අය වැය ඉදිරිපත් කරලා තියෙන්නේ නීති විරෝධී ලෙසයි.
ඔක්කොටම කලින් තුන්වේල කන්නේ, බෙහෙත් ගන්නෙ, ලයිට් බිල ගෙවන්නේ කොහොමද කියා සොයා බැලිය යුතුයි.
මෙරට සියයට 13 ට තිබු දරිද්‍රතාවය සියයට 25% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.
අප රටේ ජනගහනයෙන් සියයට පනස් හයකට වඩා දුප්පත් බව සංගණන වාර්තා තහවුරු කර තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
225 ම හොරු නොවෙ ණම්, ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැරි ඇයි.?
ඔබ වැනි 2015-19 ආර්ථික ඝාතකයින්ද නැවතත් සුදු ඇඳගෙන අප ඉදිරියට එනතුරු අපි පුලපුලා බලාසිටිමු...
ක්‍රිකට් වලට 224ම එකතු වුණා වගේ එක්ව මහින්ද, ගෝඨා, බැසිල්ගේ ප්‍රජා අයිතිය වහාම අහෝසි කරන්න වහා පියවර ගන්න...!
ඒක නොවෙයි මංත්‍රිතුමා දැන් ඔය ආර්ථික ඝාතකයින් අයවැයට පක්ෂව ඡන්දය දුන්නොත් ඇතිවන ගැටලුවක් හෙම නැද්ද
ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ දේශමාමක යෝජනාවට කැනඩාව, බ්‍රිතානිය, ඇමරිකාව, නොර්වේ වැනි රටවල් ද සහයෝගය දෙනු ඇත. ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, බාල්රාජ් වැනි සාමකාමී අහිංසකයින් ද එලොව සිට හෝ තම ප්‍රශංසාව පුද කරනු ඇත. එසේම මෙරට ක්‍රියාත්මක සියලු ඇන්ජීඕ සංවිධාන, පාක්‍යසෝති සරවනමුතු, ජෙහාන් පෙරේරා වැනි උගතුන්, චන්ද්‍රිකා වැනි රටට මාර සේවයක් කල නායිකාවන් තම අනුග්‍රාහකත්වය දක්වනු ඇත. ජේවීපිය, සජබය මෙන්ම යුඑන්පිය ද දෙමල සන්ධානය, මු කො, විග්නේශ්වරන් වැනි ජාති හිතයිශී දේශ හිතයිශී නායකයන් ද තමන්ගේ දෙඅත් ඔසවනු ඇත. මෙවන් දෑ හිතකාමී යෝජනාවක් ගෙන ඒමේ අනුහසින් ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිදුන්ට ඊලග ජනපතිවරණයේ පොදු අපේක්ෂකයා වීමේ මනා සම්භාවිතාවක් ද ඇති වන්නේය. ශ්‍රී ලංකාව ද ඒ අනුහසින් දියුණුවේ හිනිපෙත්තට ලගා වනු ඇත. දුක්විදින අන්තිම පැය යයි ගණන් බැලු අරගල විහිළුව මෙන් නොව මෙය නම් සැබෑ ලෙසම දුක්විදින අවසන් කාල පරිච්චේදය වනු ඇත.
රටේ නීති හදන්නේ පාර්ලිමේන්තුවේ ,කණගාටුවට කරණය නම් අපේ රටේ උසාවියෙන් මරණ දඩුවම හිමි වුන මිනිස්සු පාර්ලිමේන්තු එනවා , ඩොලර් ට්‍රිලියන ගණනින් ආර්ථිකය විනාශ කල මිනිස්සු පාර්ලිමේන්තු එනවා , උසාවියෙන් වැරදි කරුවුන මහා පරිමාණ කප්පම් කාරයෙක් පාර්ලිමේන්තුවේ සභා නායක ,යටත් වුන පොලිස් නිලධාරීන් 600 එකවර ගාතනය කරන්න අණ දුන්න කරුණ , පිල්ලෙයාන් පාර්ලිමේන්තුව නියෝජනය කල , රුපියල් 7000-8000 වැනි දෙයක් සොරකම් කල බවට චෝදනා ලැබූ මිනිස්සු මාස කිහිපයක් හිරේ යනවා , සමහර විට ඇප මුදල ගෙවාගන්න බැරිව , අවම වශයෙන් මේ ගොල්ලගෙ ප්‍රජ ඓතියාවත් අහෝසි කරලා දේශපාලනෙන් ඉවත් කරන්න ඕනේ
කාටකාටක් මේ ආර්ථික ඝාතන, දූෂණ, වංචා, මානව හිමිකම් යනාදී මෙකී නොකී කාරණා ගැන කතා කරන්න, විවාද කරන්න, ඝාතකයින්ට දඬුවම් කරන්න පරිසරය සකස් වුණේ 2009දි ත්‍රස්ථවාදී යුද්ධය නිම කරපු නිසයි. යුද්ධය තිබුණා නම් ඔය එක යුධ විරෝධි වීරයෙක්වත් අද හොයා ගන්න නැහැ...
පවුල් පිටින් එකතුවෙලා හොරකම් කරලා , වැරදි තීන්දු තීරණ අරන් රට විනාශ කරපු වරදට , යුධ ජයග්‍රහණය නිදහසට කරුණක් නොවේ ,
ආර්ථික ඝාතනයට බැංකු කොල්ලයට සම්බන්ද ඔබලාත් අයිති. ඝෝඨාභයයගේ බදු අඩුකිරිල්ල ගැන කථා කරන මිනිස්සු බැංකු කොල්ලය හා සන්තෝසම් බෙදා ගත්ත මිනිස්සු ගැන කතා නැහැ. ජනතා අධිකරණයේ ඔබලාත් වැරදි කරුවෝ.