IMG-LOGO

ආරක්ෂිතව කෑම බීම නිවසට

(නිමන්ති රණසිංහ)

අත්‍යාවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම වෙළදුන් තම ප්‍රදේශයට නොපැමිණෙන්නේ නම් හෝ එසේ පැමිණෙන වෙළඳුන් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් දුරකථන අංක 0112236919 ට වහාම දැනුම් දෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

සංචාරක සීමා පැනවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක් නියෝජනය කරමින් ජංගම වෙළඳුන් 8895 දෙනකු ලියාපදිංචි කර අවශ්‍ය බලපත්‍ර නිකුත් කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කියයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන ජීවත්වන ජනතාව තමන්ගේ ප්‍රදේශයට ජංගම වෙළඳුන් නොපැමිණෙන්නේ නම් හෝ එසේ පැමිණෙන ජංගම වෙළෙඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුකූලව ක්‍රියාත්මක නොවන්නේ නම් වහාම එම අංකයට දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.

ඒ ආකාරයෙන් ජනතාවගෙන් පැමිණි ලද හොත් නිකුත් කරන ලද බලපත්‍ර අහෝසි කර ඒවා වෙනත් වෙළඳුන් සඳහා ලබාදීමට ද කටයුතු කරන බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 



අදහස් (1)

ආරක්ෂිතව කෑම බීම නිවසට

පොඩි මල්ලි Sunday, 30 May 2021 11:06 PM

මේක වෙළෙන්දන් කරන මිනිස්සුන්ගෙන් නෙවෙයි හැදෙන්නේ බෝවෙන්නේ...අද සංචරණ සීමා දැම්මට අත්‍යවශ්‍ය සේවා නොවන පුද්ගලික අංශේ ගොඩක් කාර්යාල ඇරලා..මිනිස්සු AC ඇතුලේ හිර වෙලා වැඩ කරනවා...මෙයාලා ගොඩක් දෙනා අධික ලාභ ඉපයීමේ අරමුණෙන් කරන්නේ මේ වැඩේ... ලෙඩේ පැතිරෙන එක ගැන මේ කොම්පැණි වල ලොක්කො සැලකීමක් දක්වන්නේ නෑ...මීට වඩා නීති තද කළොත් නම් රෝගය පාලනය කරන්න පුළුවන් වෙයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site