(නිමල කොඩිතුවක්කු)
සම්පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධාන අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩකටයුතු ආරම්භ කිරීමට තීරණය කෙරේ.
කොවීඞ් 19 දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු රැසක් කල් දැමීමට තීරණය කෙරුණු අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග සූම් සහ ස්කයිප් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කරමින් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සංවිධානය කිරීමට පියවර ගනු ලැබීය.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සෑම දිනකම පාහේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ගොස් පක්ෂ ක්‍රියාකාරීන් සමග අත්‍යවශ්‍යම කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කලත් ගොඩගන්න බැහැ. සියලුම ජනප්‍රිය චරිත එලියට ගිහින් ඉවරයි.
නායක තුමාට නම් ආරක්ශිත ක්‍රම ඕනැ නැහැ. අනිත් අයට තමයි ඉතින් ඕනෑ වූනොත්?
නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී ශක්තිමත් එක්සත් ජාතික පක්ෂ රජයක් ගොඩනගමු.
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට පක්ෂයට සුදුසුම පසුබිම සැකසී ඇත. කුඩා පක්ෂ නියෝජනය කරන්නාවූ පුද්ගලයන් ඔවුන්ගේ පක්ෂවලින් තරග කර පාර්ලිමේන්තු පැමිණීම වෙනුවට එක්සත් ජාතික පක්ෂයට සම්බන්දව තරග කොට එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂය තුල අර්බුද ඇතිවීම වැලක් විය යුතුවේ. ඉදිරි වසර දෙක ඇතුලත එක්සත් ජාතික පක්ෂයේ රජයක් පිහිටුවීමට නිසැකවම අවකාශ ලැබෙනු ඇත එම රජය සෑම සුළු ජනකොටසක්ම එක්සත් ජාතික පක්ෂය තුලින් නියෝජනය වනආකාරයට පක්ෂය සංවිදානය කලයුතුවේ. රට තුල පවතින ජාතිබේද දුරුකිරිමටනම් ප්‍රධාන පක්ෂ තුල සුලුජාතින් නියෝජනය කල යුතුම වේ. එසේ නොවුනහොත් ජාතිවාදය තව දුරටත් ඉදිරියට ඇදෙනු ඇත. බුද්දිමත් තරුණ සුළුජාතික කණඩායම් සමග පක්ෂය සංවාදයක් ඇතිකොට ඔවුන් විසින් කලයුතුවන්නේ කුමක්ද කියා ඔවුන්ට අවබෝද කරදිය යුතුව ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යම් හෙයකින් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවහොත් එසේ ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලමින් රට පුරා පාක්ෂිකයන් එතුමාගෙන් මේ අවස්ථාවේ නායකත්වයෙන් ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලා ප්‍රබල ජනතා ව්‍යාපාරයක් දියත් කොට සිරිකොත මන්දිරයට විශාල පාක්ෂිකයන් පැමිණීමක් කළයුතුවේ. පක්ෂයේ නියෝජ්‍ය නායකයාට වැඩි බලයක් ලබාදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා එම තනතුරේ සිට කටයුතු කිරීම මේ අවස්ථාවේ සිදුවිය යුතු දෙයකි. පූජ්‍ය ස්වාමීන් වහන්සේලා, වෙනත් පූජ්‍ය පක්ෂ නායකයන් ද්‍රවිඩ, මුස්ලිම් ජාතිකයන් ඔහුගේ නායකත්වය මේ අවස්ථාවේ රටට අවශ්‍ය බව ප්‍රකාශ කළ යුතුවේ. තරුණයින්ට නායකත්වය ලබාදිය යුතු බව සැබෑවකි. නමුත් පළපුරුදු නායකයකු වන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පක්ෂයේ නායකත්වයේ රැඳීසිටිය යුතු බව මගේ පුද්ගලික මතයවේ...