( නිමන්ති රණසිංහ )
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව සාක්කි දුන් නාවික හමුදා නිලධාරීයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසියට සිදු කළ ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දුන් කොටුව මහෙස්ත්‍රාත්වරයා නඩුව අද 2.30 වන තුරු කල් තැබීමට නියෝග කළේය.
පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නේවි සම්පත් හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තාට වරෙන්තු නිකුත් කර තිබියදී සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාට එරෙහි නඩුව අද ( 28) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාලක - නාමල් නාටකය අවසන් වෙද්දී තවත් නාටකයක් කරලියට...