(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  තනතුර සඳහා රුපියල් මිලියන  8777ක වැය බරක් දරා තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා:-(ජා.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"සියලු හමුදාමය කාර්යන් ක්‍රියාත්මක කිරීමේදී වඩාත් කාර්යක්ෂම ඵලදායි සහ නූතන තත්ත්වයන්ට ගැලපෙන  පද්ධතියක් සකස් කිරීමේ අරමුණින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීම සඳහා ආණ්ඩුව විසින් අවධානය යොමු කර තිබෙනවා.2010 සිට 2025 දක්වා මෙම තනතුරට සහ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා රජය විසින් රුපියල් මිලියන  8777ක වැය බරක් දරා තිබෙනවා.ඒ වසර 15 ඇතුළේ වැඩිපුරම මේ තනතුර වෙනුවෙන් වියදම් ගිහින් තිබෙන්නේ 2014 වසරේදීයි.රුපියල් මිලියන 7800ක් ඒ වසරේ වැය වෙලා තිබෙනවා. 

අඩුම වියදම දරා තිබෙන්නේ 2025 වසරේදීයි.ඒ මුදල මිලියන 26 ක්.ඒ නිසා මේ වෙනස් කිරීම කිසිම ආකාරයකින් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන බව කිව යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.