
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ එස් එස් සි ක්‍රීඩාංගනයට නිල ඇඳුමින් සැරසී පැමිණ එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ යුද හමුදා බ්‍රිගේඩියර්වරයා අද (26) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
සැකකාර බ්‍රිගෙඩියර්වරයා නීතිඥවරයකු මාර්ගයෙන් බාරවීමෙන් අනතුරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක් අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟයකට පෙර සූදානමක් ඉකුත් 18 වෙනි දින එස් එස් සි ක්‍රීඩාංගනයේ පවත්වා ඇති අතර එම එක් පාසලක ආදි ශිෂ්‍යයකු වන සැකකාර බිගේඩියර්වරයා ඊට පෙර දින (17) දින රාත්‍රියේදී එම ක්‍රීඩාංගනය වෙත භාණ්ඩ වගයක් රැගෙන පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
එම භාණ්ඩ රැගත් වාහනය ක්‍රීඩාංගණයට ඇතුළු කර උඩුමහලකට එකී භාණ්ඩ රැගෙන යාම සඳහා විදුලි සෝපානය ක්‍රියාත්මක කරන ලෙස එහි සිටි පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියාට බිගේඩියර්වරයා පවසා ඇති අතර එහි යතුරු නොමැති බවට ආරක්ෂක නිලධාරියා පැවසීමෙන් අනතුරුව උරණ වූ බ්‍රිගේඩියර්වරයා ආරක්ෂක නිලධාරියාට බැණ වැදි ඔහුගේ කණට සහ මුහුණ ප්‍රදේශයට පහරදී ආවේගශීලීව හැසිරී ඇති බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී එම පහර දීමෙන් සහෝදර ආරක්ෂක නිලධාරියාව බේරා ගැනීමට තවත් ආරක්ෂක නිලධාරීයෙකු එම ස්ථානයට පැමිණ ඇති අතර ඔහුටද පෙර ආකාරයෙන්ම සැකකාර බ්‍රිගේඩියර්වරයා පහර දුන් බව එම ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්‍රියාත්මක වීම යහපත්ය. සමහර හමුදා නිලධාරීන් සාමාන්‍ය ජනතාව අතර හැසිරීම නොදන්නා අතර මෙසේවීමට හමුදාව වගකිව යුතුයි. එසේ විනයගරුක නොවන නිලධාරීන් සමාජයට හමුදාව විසින් මුදා නොහළ යුතුයි...
මේ වගේ මීහරක්ව දවසකට හරි හිරේ දාලා බලු වෙන්නම ඉඩ අරින්න ඕනෑ. විනයක් ඇති හමුදාවකට මේ වගේ සත්තු ගැලපෙන්නේ නැහැ. එනිසා හමුදාපතිතුමනි, මේකට හමුදා නීතිය යටතේත් දඬුවම් දෙන්න. මේ වගේ උන්මත්තකයෝ හිතන්නේ uniform එකක් ඇඳගත්තාම ඔවුන්ට වඩා ලොක්කෝ මේ ලෝකේ නැහැ කියලා. හමුදාවල වගේම පොලිසියේත් ඕනෑතරම් නියම මහත්වරු ඉන්නවා. මේවගේ සත්තුත් සැලකියයුතු ප්‍රතිශතයක් ඉන්නවා.... නව රාජ්‍ය මේවගේ සත්තු ගැනත් බලාගන්න ඕනෑ.
මේ වෙන රජයක් බව නොදැන වෙන්න ඕන මේ ගාය ඉහට ගහන්න ඇත්තේ...
මාන්නය...
කලින් හිටිය විශ්‍රාම ගිය ජනරාල් කෙනෙකු වූ අයෙකුටත් පාසල් සිසුවෙකුට පහර දීම සම්බන්ධව චෝදනාව ආවා නේද? හමුදාවට ගිහිල්ල වූවත් හික්මීම නැති නරුම ඔලුත් තියෙන බව පිළිගන්න ඕනෑ.
කෝටි 50 ක වන්දි නඩුවක් දාන්න