IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආරක්ෂක උපාය සැලැස්ම මාස හයකින් ඉල්ලයි

 (අංජුල මහික වීරරත්න)

මෙරට භූමියේ සහ සාගරයේ ආරක්ෂාව පිළිබඳ උපාය මාර්ගික සැලැස්මක් සැකසීම සඳහා ජනපති පත් කළ කමිටුවේ පළමු වාර්තාව මාස හයක් අැතුලත ලබා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.

සාගල රත්නායක මහතා මෙම උපදෙස් දෙනු ලැබූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ ආරක්ෂක සමලෝචන කමිටු රැස්වීමේදීය.

රටේ අනාගත ආරක්ෂාව තහවුරු කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ වගකීම ද පවරමින් කැබිනට් අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් ඉහත කමිටුව පත් කර ඇත.

විශ්‍රාමික මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර ඇති අතර විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් මෙන්ම විදේශ ආත්‍යාංශයේ හා මුදල් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක ද ඇතුළුව සමාජිකයන් හය දෙනෙකුගෙන් කමිටුව සමන්විතය.

රටේ ආරක්ෂාව සහ සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග සහ බුද්ධි අංශ දියුණු කිරීම ආදී කරුණු ගැන උපාය මාර්ගික සැලැස්මක් 2030 ඉලක්ක කරමින් සැකසීම ද ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව වෙත බාරදී තිබේ.

ජනපති විසින් බාරදුන් රාජකාරිය ඉටු කරන ආකාරය ගැන මාස හයක් ඇතුලත වාර්තාවක් දෙන ලෙස එම කමිටුවේ පළමු රැස්වීමට එක් වෙමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා උපදෙස් ලබා දුන්නේය.

 



අදහස් (5)

ආරක්ෂක උපාය සැලැස්ම මාස හයකින් ඉල්ලයි

Kazi Shajahan Saturday, 04 November 2023 09:24 AM

ඔව්, මාස 06ක් ඇතිනේ... රනිල්ලා, සාගලා තව ඉන්නේ ඔයවගේ කාලයක්නේ...

:       0       1

Rata Perata Saturday, 04 November 2023 02:37 PM

මාස 6කින්... රටක ව්‍යවස්ථාවක් හදන්න කාලය.. පිස්සු නැතිනම් හොඳයි.

:       0       0

Lakmal Saturday, 04 November 2023 03:08 PM

Business Administration විෂය කරා කියන එකෙක්ජාතික ආරක්ෂාව වගේ වගකීමක් /විෂයක් ගැන උපදෙස් දෙන්නේ ආර්යාව වුණු පිනෙන්ම වෙන්න ඇති අප්පා..

:       0       0

සරත් කුමාර Saturday, 04 November 2023 09:04 PM

මෙයාලාට ඉලක්ක නම් තියෙනවා අවුරුදු 6න් 6ට.. එක ඉලක්කෙකටවත් විදගන්ඩ බැරි එක තමයි අවුල.. අන්තිමට විදින්නේ මහජනයාගේ බඩට...

:       0       0

Athula Monday, 06 November 2023 02:00 PM

කවුද ඔබට බලයක් දුන්නේ..? ඔබලා ඔය ටයිකෝට් සේරම ගලවන දවසක් ළඟදීම එනවා. එදාට ජම්පරේ අඳිමු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site