IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ආර් එම් බි අසල ගැවසුණ කාක්කෝ 11 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

නාරහෙන්පිට  මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල ගැවසෙමින්  එහි පැමිණෙන ජනතාවට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් මුදල් එක්රැස් කිරීමේ යෙදී සිටි. පුද්ගලයන් 11 කු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් වූවන් අතර කාන්තාවක්ද වන බව පොලිසිය කියයි.

විවිධ අවශ්‍යතා සඳහා දෙපාර්තමේන්තු වෙත යතුරු පැදි සහ වාහනවලින් පැමිණෙන පුද්ගලයන්ගේ   වාහන නැවතීමේදී විවිධ බලපෑම් කරමින්   මුදල් එක්රැස් කරන බවට  බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක ප්‍රියදර්ශන විතානගේ මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින බහුතරයක් දෙනා මත්ද්‍රව්‍ය  වලට ඇබ්බැහි වූවන් බවත්  ඒවා මිලදී ගැනීම සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් මෙම ස්ථානයේ රැඳී සිටින බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් නාරහේන්පිට  පිට මැනීන් ටවුන්හි පදිංචිකරුවන් බව පොලීසිය කියයි

 



අදහස් (7)

ආර් එම් බි අසල ගැවසුණ කාක්කෝ 11 ක් අත්අඩංගුවට

Nishadi Jayakody Tuesday, 19 December 2023 10:58 PM

පොලිස් ඇමතිතුමනි, මේ ආර් එම් වී එක වගේම එයාර් පොර්ට් එකත් සුද්ද කලයුතුයි. හැබැයි ඒ ප්‍රශ්නෙදි දෙශ පාලුවො අත දමාවි ඒත් ඒවාට මුහුන දෙන්න ඔබට ධයිර්ය ලැබේවා.

:       0       16

අපකීර්ති වර්ණකුලසූරිය Wednesday, 20 December 2023 08:08 AM

මේක අන්තර්ජාතික කුමත්‍රණයක සුලු සිදු වීමක් වෙන්න බැරිද?

:       0       10

අප්පුහාමි Wednesday, 20 December 2023 08:57 AM

මොකක්ද ඔය ආර්.ඇම්.බී කියන්නෙ .මම නම් අහල තියෙන්නෙ රෙජිස්ට්‍රාර් ඔෆ් මෝටර් වෙහිකල් (RMV ) කියලා තමයි ඔය කට්ටිය කියන බී අකුරේ තේරුම මොකක්ද

:       0       23

KRISWednesday, 20 December 2023 12:17 PM

ආර්.ඇම්.බී කියන්නේ බ්‍රයිබරි...

:       0       10

Ruwan Wednesday, 20 December 2023 09:53 AM

ඔය කාක්කො කියන බහුතරයක්ම ඔතන ඉඳන් ජාවාරම් කරන්නෙ මිනිස්සු රවට්ටන්නෙ පොලිසියෙ අයගෙත් ඔය කියන කන්තෝරුව ඇතුලෙ ඉන්න අයගෙත් ආශිර්වාදයෙන්ම තමයි.බොරු නම් තව සති දෙකකින් ගිහින් බැලුවොත් තේරෙයි..

:       0       19

විපරමා Wednesday, 20 December 2023 10:40 AM

එළියේ කාක්කෝ.ඇතුලේ ඉන්න වැඩිහරියක් ජරාව කන එවුන්..දෙගොල්ලන්ගෙම සහයෝගය ලැබෙනවා .

:       0       12

සෑම් Wednesday, 20 December 2023 11:55 AM

පුළුවන්නම් මහ කාක්කා බැසිලා ව අල්ලපන් බලන්න. ඌ තමයි මුළු මහත් රටේ ජනතාවගෙන්ම කප්පන් සල්ලි ගත්තේ. RMV පොඩි කාක්කෝ කරන්නේ ඌව අනුගමනය කරන එක

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 80 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 30 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site