IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ආයුර්වේදයේ මුදල් වංචා කළ එකම පවුලේ තුනක් රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින්  රුපියල් 27,031,024.15 මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි කළමනාකරණ සහකාර  (ගිණුම්)  ,  ඔහුගේ බිරිඳ සහ සහෝදරිය  11  වැනි  දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් මෙන්ඩිස්  විජේසිංහ මහතා නියෝග කළේය.

මෙලෙස  රිමාන්ඞ් භාරයට පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකරණ සහකාර (, ගිණුම්) ලෙස රැකියාව කළ කැලණිය , ගල් බොරැල්ල , බෝධිරුකාරාම  පාර  පදිංචි ආර්. ඒ.  පි. නිරෝෂණ (35) ,සැකකරුගේ බිරිඳ වන එම ලිපිනයේම  පදිංචි  ඩි. එම් .ටි නිලෝධි (32) හා සැකකරුගේ බාල සහෝදරිය වන එම ලිපිනයේම පදිංචි ආර්. ඒ .එස් චතුරිකා (25) යන අයවලුන්ය.

සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් වංචාවට  ආධාර අනුබලදීම සම්බන්ධයෙනි.‍

මුදල් වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයුර්වේද  සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා  ඉකුත් මාර්තු මස 20 වෙනි දින කරන ලද පැමිණිල්ලකට අනුව  සිදුකළ විමර්ශනවලදී මාස තුනක පමණ කාලයක් තුළදී චෙක් පත් මගින් සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

 

 



අදහස් (0)

ආයුර්වේදයේ මුදල් වංචා කළ එකම පවුලේ තුනක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 761 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site