IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආයතන ලොක්කන්ටත් මැකෝ එන්න කියයි

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරණයේ කටයුතු සඳහා සහයෝගය ලබා ගැනීමට සියලුම රාජ්‍ය සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් ඉදිරි සතියේදී මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්  එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය.

මේ අනුව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා සහ මණ්ඩලවල ප්‍රධානීන්, දේශීය නිරීක්ෂණ ආයතන ප්‍රධානීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවන බවද ඔහු සඳහන් කළේය.

එසේම මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන්, දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (3) සෙනසුරාදා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයට කැඳවීමට  නියමිතය.

මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන් සමගද ඉදිරියේදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යන බවද රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

ආයතන ලොක්කන්ටත් මැකෝ එන්න කියයි

පෙරේරා Friday, 02 August 2024 06:18 AM

මම නොදන්නා කමට අහන්නේ... ඇත්තටම ලංකාවේ මැතිවරණ මහ ලේකම් කවුද කියන්න. එහෙම කෙනෙක් නැත්නම් කාර්‍යාලය එහෙම නම් කළේ ඇයි? ඕක මැතිවරණ දෙපාර්තමේන්තුව කියලා කිව්වොත් තියෙන වරද මොකක්ද? පිස්සු නැත්නම් ශෝක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 599 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site