
(අංජුල මහික වීරරත්න)
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන පහක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම ජනාධිපති කාර්යාලයේ දී අද (10) සිදු විය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350ක්, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300ක්, බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100ක්, ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75ක් ලෙස වාර්ෂික ලාභාංශ මුදල වූ රුපියල් මිලියන 925ක් මෙලෙස මහා භාණ්ඩාගාරයට පිරිනමා තිබේ.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සහ අදාල ආයතන ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨාභය ඇතුළු වැඩකරන විරුවෝ ෆේල් වුණත්, වඩේ කාරයා වැඩේ හරියට කරලා වගේ...
අපි මොනතරම් පහත් මට්ටමකද ඉන්නේ... තමන්ගේ පුද්ගලික බඩුවක් විකුණලා ලාභ ගත්තා වගේ ලැබූ ලාභය ගෙනැල්ලා රනිල්ට දෙන්නේ. මේ ආයතන විගණන වෙන්නේ කොහොමද? ආයතනය ලැබූ ලාභය රනිල්ට දුන්නා කියා සටහන් වෙනවද? ආයතන ලැබූ ලාභය රනිල්ට දෙන උත්සවක් පැවැත්වූවා නම් ඒකට ලක්ෂ ගාණක් යන්න ඇති... මොවුන් ලෝක විහිළු කාරයෝ...
වඩේකාර් ගේ බූදලේ පින් ජනාට දෙනවා. මහ බැංකුවට දීපු ගේම වගේ වෙයි මේකට. අනෙක මේවා භාණ්ඩාගාරයට යැවීමට නිසි ක්‍රමවේදයක් තියෙනවා නේද? මේවා විගණනය වෙන්නේ කොහොමද? ඇමැති එයාට හිතෙන හැටියට කරනවා. පිනා සතුටින්... ඉන්නේ..!
ගඟේ, මුහුදේ දැම්මා කියලා හිත හදාගන්න...
මහ බැංකු හොරාගෙ අතට සල්ලිත් දෙනව .මොලෙ කචල් වෙච්ච අය.