(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහා  ආයතන පහක  ප්‍රධානීහු  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) සහ  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා)  හමුවට මේ සතියේ  කැදවෙති.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව,  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සබරගමු විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට කැඳවෙන ආයතනයන්ය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ හය වැනිදාය.

ශ්‍රී ලංකා පමිති ආයතනය කෝප් කමිටුව හමුවට  අනිද්දා (7) කැඳවා ඇති අතර සබරගමුව විශ්වවිද්‍යාලයේ  ප්‍රධානීන්  කෝප් කමිටුව හමුවට කැඳවා ඇත්තේ ලබන( 8) බ්‍රහස්පතින්දා දිනයේය.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝපා කමිටුව) අනිද්දා  (8) කැඳවීමට නියමිතය.

පාර්ලිමේන්තුව හෙට (6) සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.