
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනැමුණු රුපියල් බිලියන දෙකකට අදාල චෙක්පත අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන එකක්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් මිලියන 500ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන 500ක් රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනමා තිබේ.
වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී බර්නාඩ්, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඩු ලබන ආයතන නම් මේ දෙන්නේ මොන සල්ලිද ?