
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම හා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනැමුණු රුපියල් බිලියන දෙකකට අදාල චෙක්පත අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන එකක්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම රුපියල් මිලියන 500ක් සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන 500ක් රජයේ ඒකාබද්ධ අරමුදල සඳහා පිරිනමා තිබේ.
වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී බර්නාඩ්, ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආයතන 4ක් ඒකාබද්ධ අරමුදලට සල්ලි දෙයි
Prabha Tuesday, 20 December 2022 02:38 AM
පාඩු ලබන ආයතන නම් මේ දෙන්නේ මොන සල්ලිද ?