
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නිලධාරීන් 29 දෙනකු බදවා ගැනීමට කැබිනට් මණ්ඩලයේ ඇස් වසා අනුමැතිය ලබාගෙන ඉන් හත් දෙනකු අධික වැටුප්වලට දැනටමත් බඳවා ගෙන ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) පවසයි.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ලෙස දෙදෙනකු බඳවා ගෙන ඇති අතර මේ දෙදෙනාට රුපියල් දාහත් ලක්ෂ අනූදහසක් මාසිකව ගෙවන බවද එම කමිටුව සඳහන් කරයි.
මෙයට අමතරව විධායක අධ්‍යක්ෂකවරුන් සිවු දෙනකු සඳහා රුපියල් තිස් එක් ලක්ෂ අසූදහසක් ගෙවා ඇති අතර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු රුපියල් අට ලක්ෂ විසිදහසක මාසික වැටුපකට බඳවා ගෙන ඇතැයිද සඳහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක උපදේශකවරියක ලෙස බඳවා ගෙන 2020-2021කාලයේදී රුපියල් කෝටියකට වැඩි මුදලක් ඇයට ගෙවා ඇතැයි කියන සිද්ධියක් පිළිබඳවද කෝප් කමිටුවේදී ඊයේ දීර්ඝව සාකච්ඡා කෙරිණ.
ඇයට එක් මාසයකදී ගෙවා ඇති වැටුප රුපියල් ලක්ෂ 10 ක් බවද වැඩිදුරටත් හෙළි විය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තිබියදී මේ ආකාරයට වැටුප් ගෙවීම බරපතළ ගැටලුවක් බවත් මේ පිළිබඳව වහාම සොයා බැලීමට කටයුතු කළ යුතු බවත් මහාචාර්ය චරිත හේරත් මහතා එම කමිටුවේදී ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි වැටුප් අනුමත කරන අයට පමණක් නොව බාරගන්නේ.. ඒ අයටත් වැහි නැති හෙණ ගැසිය යුතුයි... ජනතාවගේ සාරය උරාබොන පරපෝෂිතයින්ට සාපවේවා..!!!
හිතවතුන්ට මෙහෙම සලකන රජයට ගුරුවරු ඇතුළු රජයේ සේවකයින් සඳහා හරියට වැටුපක් ගෙවීමට නොහැකි වීමත්, ගොවීන් වෙනුවෙන් පොහොර මුදලටවත් දීමට නොහැකි වීමත්... 69 ලක්ෂයක් ජනතාවගේ පැතුමද? මෙහෙම වෙද්දී ජනපතිට විපක්ෂයෙන් බලාපොරොත්තු අපේක්ෂා ඉටුවේද?
අරන් තියෙන්නේ කියත්මගේ කට්ටිය වෙන්න ඇති. ඕකේ ඉන්නේම අවස්ථාවාදීන්...
ගුරු-විදුහල්පති සොච්චම් වැටුපේ...!
දැන් ඔය කෝප් එකෙන් පරීක්ෂණ කරලා කවදාද මහජන මුදල් කොල්ල කාපු, ලොකු ලොකු දූෂණ, වංචා කරපු අයට දඬුවම් කෙරුවේ? කවදාවත්ම නෑ නේද!!! ඕවා නිකන්ම නිකන් බෝඩ් ලෑලි කමිටු...
මේ රටේ දේශපාලකයින්ගේ කිට්ටුම නෑදෑ හිතවත්කම්, මිත්‍ර සබඳතා මේ අයට අනිවාර්යයෙන්ම ඇති... පුදුමය කියන්නේ, මේ රටේ මේවා කෙසේ සිදුවන්නේද යන්නයි.
තමන්ගේ හිතවතුන් සනසන්න කරන දේවල්නේ... ඔය කවුරු ආවත් ඔච්චරම තමයි.
කීයක් රටේ ආයෝජනය කරන්න ආපු කොම්පැනි ලංකාවට මවු මතක් කරමින් (කොමිස් ඉල්ලීම හේතුවෙන් ) රට දාල ගිහින් ඇතිද? හිටපු සියලු රජයන් වල සද්ගුණවත් ඇමතිතුමාලා කොක්කෙන් නැතිනම් කෙක්කෙන් 10% ඉල්ලනවා කියලා තමයි ආරංචි...
හතකට දීලා තියෙන්නේ... හත කියන්නේ වාසනාවන්ත නොම්මරයක් නිසයි. මේ හතෙන් ජාතියේ වාසනාව පෙනෙන්න දැන් බොහොම ළඟයි. ටිකක් ඉවසලා ඉන්න.
අපේ රට ආර්ථික අගාධයට වැටෙන්නේ මෙවැනි අක්‍රමවත් වංචනික, දූෂිත නිලධාරින් නිසා බව අමුතුවෙන් කිවයුතු නොවේ. බලධාරින් ඊට ඉඩ දී ඇස්, කන් පියාගෙන ඉන්නේ ඔවුනුත් ඊට හවුල් නිසාද? මේ රට සංවර්ධනයට ප්‍රමාණවත් ආදායම් මාර්ග එමට ඇත. අවශ්‍ය වන්නේ වංචා, දූෂණ වැළැක්වීමට වුවමනාවක් ඇති පාලකයින්ය. රටේ අවාසනාවට අපට නැත්තේද එයමයි. මැතිවරණ කාලයට පමණක් එවැනි පොරොන්දු දෙන අපේක්ෂකයින් පහළ වී ජනතාව මුලා කොට බලයට පැමිණි පසු ඒ සියල්ල අමතක කොට හවුලේ රට සූරාකමින් මඩිය තරකර ගනී. අපේ රට කවදා ගොඩ ඒවිද?
රටට වැඩක් කළ පසුව, ඇගැයීමකට ලක්කර ලොකු පඩි ගෙවන්න... අහිංසක රටවාසීන් ගැන හිතන්න...
මේ රටේ බොහෝ මිනිස්සු අද කන්න දෙයක් හොයාගන්නේ කොහොමද කියලා ලතවෙනකොට මේ අය කරන අපරාද...
හොයන්න එපා . ගජමිතුරු අයනේ .
ඒ කාලේ නිශාන්ත වික්‍රමසිංහ පඩි ගෙව්ව විදිහ මතක් වෙනවා.
ජීවත්වීමට සාධාරණ වැටුපක් ඉල්ලන ගුරුවරුන් කාලකන්නි වෙන්නත්, මේ වැටුප් ලබන්නන් පාලකයන්ගේ නෑයන්, හිතමිතුරන් වී වාසනාවන්තයින් වෙන්නත් රටක අපි ජීවත් වෙමු....
ඇමරිකාවේ වත් නැතිතරම් මේ රටේ ඡන්ද ව්‍යාපාරය කරන්න මුදල් වැය කරන්නේ කොහොමද කියලා හිතලා බලන්න. මෙතරම් ධනස්කන්ධයක් වියදම් කරලා දිනුව ගමන් තමන් දියුණුවෙන අතර, පක්ෂෙටත් මුදල් සෙවිය යුතුයි. මේ රටේ ජනතාව ඡන්දයකදි සතුටින් මත් කරන්න අහසින් මුදල් පාත් වෙන්නේ නැහැනේ. ජනතාව තම බුද්ධිය විමසන තෙක් මෙම ක්‍රමය එසේ තිබේවි...