
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආයෝජන  අවස්ථා වැඩි කර ගැනීම සදහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර්  රාජ්‍යය අතර   අත්සන් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව   ගිවිසුම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (9)තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත විය.
මේ අනුව යෝජනාවට  පක්ෂව ඡන්ද  263ක් ලැබුණු අතර ඊට විරුද්ධව ඡන්ද කිසිවක්  හෝ  ලැබුණේ නැත. ජාතික ජන බලවේගය සහ සමග ජන බලවේගයෙ   මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව  මෙසේ ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර්  රාජ්‍යය අතර   අත්සන් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන සහ අන්‍යෝන්‍ය ආරක්ෂාව ගිවිසුම පිළිබඳ විවාදය ඊයේ  11.30 ට පමණ ආරම්භ විය.
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍්‍ය  අතර පසුගිය පෙබරවාරි මස 12 වැනිදා අත්සන් කරනු ලැබූ එම ගිවිසුම මගින්  රටවල් දෙකේ සංස්ථාවල සමාගම්වල හෝ වෙනත් සංගම්වල ආයෝජන ශ්‍රී ලංකාවේදී ප්‍රවර්ධනය කිරීම සහ සුරක්ෂා කරන  බැවින් ගිවිසුම  ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන්නක් ලෙස අනුමත කළ යුතු යැයි  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ  157  වැනි ව්‍යවස්ථාව ප්‍රකාර  මෙම පාර්ලිමේන්තුව  යෝජනා  සම්මත කරයි යනුවෙන් එම යෝජනාවේ සඳහන්විය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1950										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1540										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආයෝජන ගිවිසුම තුනෙන් දෙකෙන් සම්මතයි