

(මනෝප්රිය ගුණසේකර සහ රංජන් කස්තුරි)
ආබාධිත පුද්ගලයකුට නිවාස සෑදීම සදහා රජයේ මුදල් ලබාදීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා එයින් රුපියල් 25000ක් ලබා ගැනීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් වරදකරු කොට බරපතළ වැඩ ඇතිව වසර පහක සිර දඬුවම් නියමව සිටි රත්නපුර කුඩාව ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරියකුට ලබා දුන් අදාළ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ සිරදඬුවම තහවුරු කරනු ලැබුවේ එම හිටපු ග්‍රාම නිලධාරියා විසින් ගොනුකොට තිබූ විශේෂ අභියාචන පෙතසමක් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරමිනි.
මෙම විශේෂ අභියාචන පෙත්සම අගවිනිසුරු ප්‍රීතී පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීණි.
රත්නපුර කුඩව ප්‍රදේශයේ හිටපු ග්‍රාම නිලධාරී එම්” රණසිංහ නමැත්තා විසින් ගොනුකොට තිබූ පෙතසමේ වගඋත්තරකරු වශයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා නම් කර තිබිණී.
පෙත්සම අධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදී විත්තිකාර අභියාචක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා අදාළ මුදල කිසිවිටෙකත් ලබා නොගත් බවත් උපාය දූතයාගේ සාක්ෂි සහ පැමිණිල්ලේ සාක්ෂි පරස්පර බවත්ය.
පූර්වාදර්ශ නඩූ ගණනාවක් පිළිබඳ අධිකරණයේ අවධානය යොමු කළ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ සාක්කි වල පරස්පරතාවයන් සහ ඌනතා ඇති බවත් තම සේවාදායකයා අදාල මුදල කිසි විටෙක ස්පර්ශය නොකළ බවත් මෙම සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය අඩු බවත්ය.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කියා සිටියේ මුදල් ඉල්ලා සිටීම පමණක් අල්ලස නැමැති වරද කිරීමට ප්‍රමාණවත් බවත් ඒ අනුව විත්තිකාර අභියාචක අදාළ වරද සිදුකර ඇති බැවින් ඔහුගේ දඬුවම සාධාරණ බවත්ය” දෙපාර්ශවයේ කරුණු සැලකිල්ල ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය.
2013 මාර්තු සහ සැප්තැම්බර් මාසය අතර කාලය තුළදී රත්නපුර කුඩව ප්‍රදේශයේ ග්‍රාම නිලධාවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ආබාධිත පුද්ගලයන්ට රජයෙන් දෙන අධාර මුදල් ලබාදීම සඳහා ආබාධිත පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා ඉන් රුපියල් 25000ක් අල්ලසක් වශයෙන් ලබා ගන්නා ලදයි චෝදනා කරමින්, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල් විත්තිකාර අභියාචකට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබූ බවත් අදාළ චෝදනා විභාග ගැනීමෙන් පසුව අදාළ චෝදනාවට ඔහු වරදකරු කරමින් බරපතල වැඩ ඇතුව වසර පහක සිරදඩුවම් නියම කළ බවත් අභියාචන පෙතසමේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd