
(සුජිත් හේවාජුලිගේ)
රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි කිහිලිකරු ඇතුළු උපකරණ 31 ක මිල ගණන් රජය පැනවූ අලූත් බදු හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
මෙම නව බදු සංශෝධන හේතුවෙන් ඇතිවන පීඩා හමුවේ ජනතාවගේ ආයු කාලය වසර පනහක් දක්වා කෙටි වන බවද හෙතෙම සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගසන්නේ මේ රටේ ඇවිදින ඇටසැකිලි බිහි කරන්නදැයි තමා රජයෙන් ප්‍රශ්න කරන බව පැවසූ ගාමිණී වලේබොඩ මහතා ජනතාව වේලක් ඇර වේලක් කා දැඩි පීඩාවකින් ජීවත්වෙන අවස්ථාවක මෙලෙස අසීමිත බදු අය කිරීම අන්ත අසාධාරණ අමානුෂික තීරණයක් බවද සඳහන් කළේය.
බදු වැඩි කිරීමෙන් මිල ගණන් ඉහළ ගොස් ඇති ආබාධිතයන්ගේ උපකරණ අතර විදුලි රෝද පුටු සඳහා භාවිතා කරන බැටරි, ජෙල් මෙට්ට, ජල මෙට්ට, ශ්‍රවණාධාර උපකරණ, සවන් වහල් සඳහා භාවිත කරන බැටරි, බ්‍රේල් ලිවීමේ උපකරණ, බ්‍රේල් යතුරුලියන, ඇබකස්, ඇවිදින රාමුව උපකරණය කැතීටර් යනාදීයද වෙතියි ඔහු ප්‍රකාශ කළේය.
රටේ ආබාධිත ප්‍රජාව ලක්ෂ විස්සකට වැඩි පිරිසක් සිටින බවද මන්ත්‍රීවරයා කීවේය.
වලේබොඩ මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් එහෙම බදුගහන්න වුනේ ඔයාලා කියත්මගේ අය කියමින් හදපු ආණ්ඩුවේ කෙරුම් නිසා කියලා අමතකද? තමුන්නැහැලා හැමදාම කළේ රාජපක්ෂ කල්ලියට කඩේ යාමක් කියලා කියන්න පුළුවන්.. ඉතින් සුනාමියෙන් ලැබුණු දේවල් කෑමේ රසට ගිජුවූ කාලයේ සිට රස දන්න අය කළේම රට කෑම තමයි. එහෙම අය බලයට ගේන්න වලිකෑවේ අපිද? අපිත් ඉතින් වියතුන් කියාගත් තමුන්නැහැලා කියපු හැටියට කටයුතු කළා මිස දුරදිග නොබලා කටයුතු කළා. රටට මෙහෙම වෙන්න කටයුතු කරලා දැන් ඔහොම කියන තමුන්නැහැලාට ඉලපත් පහර දෙන්න තමයි වටින්නේ...
ඇත්තටම ලංකාවේ පාලකයින් කියන්නේ ලෝකෙන්ම ඉන්න තිරිසන්නු ජාතියක්. ලෝකයේ දියුණු රටවල ආබාධිතයින්ට ඒ රටවල රජයන් විසින් විවිධ දීමනා හා විශේෂ වරප්‍රසාද ලබාදී තිබෙනවා. ආබාධිතයින්ව රැකබලා ගැනීම ඔවුන්ගේ විශේෂ වගකීමක් ලෙස ඔවුන් සලකනවා. පෞද්ගලික හා රාජ්‍ය ආයතන මෙන්ම සුපිරි වෙළෙඳ සල් ඉදිරිපිට පවා ඇතුළුවීමේ දොරටුව අසලම ඔවුන්ගේ වාහන නවත්වා ගැනීමේ පහසුකම් සපයා තිබෙනවා. ඔවුන් පෝලිමේ යා යුතු නැහැ. ලංකාවේ අමනයින්ට ශාප වදින්නත් ඒ රටවල ජනතාවට ආශිර්වාදයක් වෙන්නත් මේ උතුම් ගුණාංග බලපානවා. ආබාධිත අසරණයින්ට මෙලෙස අසාධාරණකම් කරනවා නම්, නුඹලාට ශාප වදිනවා..! මේ රටේ ආත්මාර්ථකාමී ජනතාව කිසිවිටෙක ආබාධිතයින් ගැන අනුකම්පා කරන්නේ නැහැ. මේ වෙනුවෙන් රජයට එරෙහිව හඩක් නගන මෙන් මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එක කාලකන්නි පවුලකට රට මෙහෙම විනාශ කරන්න ඉඩදුන්නේ කවුද? අපේම මෝඩ ඡන්දදායකයෝ. තාමත් අපේම කොටසක් ඒ පවුල පස්සේම යනවා.. මොන කරුමයක් පලදීලාද?
තමන්ගේ විදුලි සහ සහ ජලබිල් නොගෙවන පාදඩ හොරුන්ව බලයට පත්කළ ඔබට අපේ ප්‍රණාමය... අනේ, ඊළඟ ඡන්දෙදී වත් දෙවියන් විසින් දෙනලද කුඩා මොලේ ඩිංගක් පාවිච්චි කරලා සාධාරණ මිනිස්සු පත්කරන්න.