
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආබාධිත ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටලු පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ආබාධිත සහිත කණ්ඩායම්වල නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය.
මෙම සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස්විය.
සංසදය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම නියෝජිතයො තම ගැටලු පිළිබඳ මෙසේ සංසදය දැනුවත් කළහ.
මෙම ඉදිරිපත් වන සියලු යොජනා සහ අදහස් ඉතා ගෞරවයෙන් පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් කමිටුවට ගත හැකි සුදුසුම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව සංසදයේ සභාපතිවරයා පැවසීය.
මෙහිදී පැමිණි නියෝජිතයන් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සියලු මැතිවරණවලදී නිශ්චිත කෝටාවක් වෙන්කරන ලෙස සංසදයට යෝජනා කරන ලදි. එසේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් අවශ්‍ය සියලු දත්ත ඇතුළත් කරන ලද වෙබ් පිටුවක් සකස් කරන ලෙස සංසදයට යෝජනා කර ඇත.
මෙම වෙබ්අඩවියට ජංගම දුරකථන හරහාද පිවිසීමට හැකි ආකාරයෙන් සකස් කරන ලෙසටද යෝජනා කළේය.
තවද බ්‍රේල් මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් වැඩි කිරීම සම්බන්ධයෙන් ද සංසදයේ අවධානය යොමුවිය. එසේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් නවවැනි පාර්ලිමේන්තුවට කරන ලද යෝජනාව සම්බන්ධයෙන් අවධානය යොමු කර එහි ඉදිරි කටයුතු සිදු කරන ලෙසද ඉල්ලා සිටියේය.
මීට අමතරව ශ්‍රවනාබාධිත ප්‍රජාවගේ අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක්ව පවතින ගුරු හිඟය සම්බන්ධයෙන්ද සංසදය දැනුවත් කළ අතර ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නිර්මාණය කිරීම සම්බන්ධයෙන්ද යෝජනා ඉදිරිපත් විය.
මෙම පාර්ලිමේන්තු සංසදයේ රැස්වීමට නියෝජ්‍ය අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම්, චන්දිම හෙට්ටිආරච්චි සහ සුසන්ත කුමාර නවරත්න යන මහත්වරුද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආබාධිත ප්‍රජාවට ඡන්දවලදී කෝටාවක්